
(ඩී.ජී.සුගතපාල)
දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්ලක් ද අක්මිමණ අංකොක්කාවල පිහිටි අක්කර එකයි පර්චස් අටක තේ සහ කෝපි ඉඩමක් ද මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ ගාල්ල පොලිසිය විසින් සවස තහනම් කරනු ලැබීය.
ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මෙම දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර එහිදී එම දේපළවල හිමිකාරිය වන අක්මීමණ අරුණෝදයගම පදිංචි 35 හැවිරිදි කාන්තාව එම දේපළ මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හෝ මුදල් ලැබුණ ආකාරය හෝ පිළිබඳව අනාවරණය කිරීමට අපොහොසත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර නිළධාරීන් , දේශපාලඥයන් ,විදුහල්පතිල යන වාහන, හදපු ගෙවල් දැක්කම මේව කොහොමද කරන්නෙ කියල හිනේනෙ නැද්ද? කුහකයෝ කියන්න එපා, රටත් ජනතාවත් දුප්පත් වෙන්න හේතු තමයි ඒ.
ඩේසි ආච්චිට මැණික් මල්ලක් ලැබුනා කියලා උසාවිය පිළිගත්තා නම්, ඒක පූර්වාදර්ශයක් ලෙස අරගෙන මෙයාටත් කවුරු හරි සල්ලි මල්ලක් දීලා ගියා කියලා ඔප්පු කරන්න පුළුවන්.
මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරලා ,පරම්පරා ගාණකට ඇතිවෙන්න හරිහම්බ කරගත්තු දේසපාලුවොත් ඕන තරම් ඉන්නවා .
ඔය ප්‍රශ්නය දේශපාලුවන්ගෙන් අහන්න බයද?
මේ වගේම... නාමල් බේබිගේ ගෙදරට ගිහින් අහන්නකෝ අනිත් පින්ගුත්තරයින් ගැන... ඔය විදියට සැප අරන් ජීවත් වන්නේ කොහොමද කියලා. පොඩි බේබිලාට අඹුවෝත් ඉන්නවා. පැටව් ගහලත් ඉන්නවා පුදුම සැප තියෙන්නේ... කවුරුවත් රස්සාවක් කරන්නේ නැහැ... මේ කාන්තාව රටේ මුදල් මන්කොල්ල කාලා නැහැ. මේ කට්ටිය කොන්ද කෙලින් කරන් ගිහින් අහන්නකෝ. ආසයි දකින්න...
ඕක හෙමින් සැරේ ඇමැතියකුට හරි නැත්නම් 99 අවුරුද්දකට හරි බදු දිලා හෙමින්ම දේශපාලුුවන්ට අයිතිය ගනි
අර යෝෂිත බේබි ගාල්ලේ හෝටලයක් දාන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියල කවදාවත් හොයන්න් අපේ පොලිසිය ගියේ නැහැ නේද ? එක රටක් එක නීති දෙකක්
සිවිල් ජනතාවගේ උපයාගත් ආයාත මුදල් ගැන සොයන්නට පලමුව මැති ඇමැති වරුන් සොයාගත් දෙපල ගැන විමර්ශනයට යොමු කරන්න.
දේශපාලනඥයෝ විශේෂයෙන්ම රාජපක්ෂ පවුල සහ ඔවුන්ට ගෑවුන දේශපාලක පවුල්වල ධනය ඉපයීම ආකාරය සෙව්වද?
මැදමූලනේ රොකට්ටුවා රොකට් යවන්න මුදල් හොයාගත්තු හැටිත් හෙව්වාද?
අපරාදේ. මෙයාට ක්‍රියාත්මක කළ නීතිය මහින්දානන්දට ක්‍රියාත්මක කළේ නැහැ නේද?
මේ පැත්තක ඉන්න ගෑණියෙක් අල්ලගෙන වීරකම් නොපා, රටම හොරා කාපු දේශපාලඥයන් අල්ලලා පෙන්නනවා පුළුවන් නම්