
(ඩී.ජී.සුගතපාල)
දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්ලක් ද අක්මිමණ අංකොක්කාවල පිහිටි අක්කර එකයි පර්චස් අටක තේ සහ කෝපි ඉඩමක් ද මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ ගාල්ල පොලිසිය විසින් සවස තහනම් කරනු ලැබීය.
ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මෙම දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර එහිදී එම දේපළවල හිමිකාරිය වන අක්මීමණ අරුණෝදයගම පදිංචි 35 හැවිරිදි කාන්තාව එම දේපළ මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හෝ මුදල් ලැබුණ ආකාරය හෝ පිළිබඳව අනාවරණය කිරීමට අපොහොසත්ව ඇත.

2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දේපොළ රජයට
සෙනෙවිරත්න Friday, 10 May 2024 01:56 AM
සමහර නිළධාරීන් , දේශපාලඥයන් ,විදුහල්පතිල යන වාහන, හදපු ගෙවල් දැක්කම මේව කොහොමද කරන්නෙ කියල හිනේනෙ නැද්ද? කුහකයෝ කියන්න එපා, රටත් ජනතාවත් දුප්පත් වෙන්න හේතු තමයි ඒ.
sam Friday, 10 May 2024 03:05 AM
ඩේසි ආච්චිට මැණික් මල්ලක් ලැබුනා කියලා උසාවිය පිළිගත්තා නම්, ඒක පූර්වාදර්ශයක් ලෙස අරගෙන මෙයාටත් කවුරු හරි සල්ලි මල්ලක් දීලා ගියා කියලා ඔප්පු කරන්න පුළුවන්.
SumindaFriday, 10 May 2024 05:36 PM
ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල සමහරක් කාකි ඇඳුම් ඇඳගෙන සිටින පිරිස් අක්‍රමිකතා කරන හිතවතුන්ට වත්තේ පතල් කපන්න කියනවා. ලැබෙන මැණික් නැතුවාට කමක් නැහැ සාක්ෂි හදාගනිමු. ඊළඟට තවත් කබා සහිත පිරිසක් ඒවාට උඩගෙඩි දෙනවාලු. ඔය අතරේ පාර්ලිමේන්තුවේ අසුන් ගත් සමහරක් බලවතුන්ද ඔය වැඩේට උදව් වෙනවා කියලා අහන්න ලැබෙනවා..!
ගමේ එකාලා Friday, 10 May 2024 03:16 AM
මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරලා ,පරම්පරා ගාණකට ඇතිවෙන්න හරිහම්බ කරගත්තු දේසපාලුවොත් ඕන තරම් ඉන්නවා .
පැරකුම් Friday, 10 May 2024 05:16 AM
ඔය ප්‍රශ්නය දේශපාලුවන්ගෙන් අහන්න බයද?
Chathuri Friday, 10 May 2024 05:49 AM
මේ වගේම... නාමල් බේබිගේ ගෙදරට ගිහින් අහන්නකෝ අනිත් පින්ගුත්තරයින් ගැන... ඔය විදියට සැප අරන් ජීවත් වන්නේ කොහොමද කියලා. පොඩි බේබිලාට අඹුවෝත් ඉන්නවා. පැටව් ගහලත් ඉන්නවා පුදුම සැප තියෙන්නේ... කවුරුවත් රස්සාවක් කරන්නේ නැහැ... මේ කාන්තාව රටේ මුදල් මන්කොල්ල කාලා නැහැ. මේ කට්ටිය කොන්ද කෙලින් කරන් ගිහින් අහන්නකෝ. ආසයි දකින්න...
Thusara Friday, 10 May 2024 07:23 AM
ඕක හෙමින් සැරේ ඇමැතියකුට හරි නැත්නම් 99 අවුරුද්දකට හරි බදු දිලා හෙමින්ම දේශපාලුුවන්ට අයිතිය ගනි
Nimesh Friday, 10 May 2024 08:19 AM
අර යෝෂිත බේබි ගාල්ලේ හෝටලයක් දාන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියල කවදාවත් හොයන්න් අපේ පොලිසිය ගියේ නැහැ නේද ? එක රටක් එක නීති දෙකක්
පියල් විරසිංහ Friday, 10 May 2024 08:35 AM
සිවිල් ජනතාවගේ උපයාගත් ආයාත මුදල් ගැන සොයන්නට පලමුව මැති ඇමැති වරුන් සොයාගත් දෙපල ගැන විමර්ශනයට යොමු කරන්න.
Lalla Friday, 10 May 2024 08:36 AM
දේශපාලනඥයෝ විශේෂයෙන්ම රාජපක්ෂ පවුල සහ ඔවුන්ට ගෑවුන දේශපාලක පවුල්වල ධනය ඉපයීම ආකාරය සෙව්වද?
විපරමා Friday, 10 May 2024 11:46 AM
මැදමූලනේ රොකට්ටුවා රොකට් යවන්න මුදල් හොයාගත්තු හැටිත් හෙව්වාද?
Hafeel Friday, 10 May 2024 12:43 PM
අපරාදේ. මෙයාට ක්‍රියාත්මක කළ නීතිය මහින්දානන්දට ක්‍රියාත්මක කළේ නැහැ නේද?
Sumith Wednesday, 15 May 2024 06:57 AM
මේ පැත්තක ඉන්න ගෑණියෙක් අල්ලගෙන වීරකම් නොපා, රටම හොරා කාපු දේශපාලඥයන් අල්ලලා පෙන්නනවා පුළුවන් නම්