IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ග්ලයිෆොසේට් ආනයනයට අවසර දෙන ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට හෙට (6) ඉදිරිපත් කෙරේ.

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට  අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ  මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව ඊට අනුමැතිය ලබා දුන්නේය.

රජයේ  මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය  (02) වෙනිදා රැස්විය.

මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.

මෙම රෙගුලාසි සදහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවුවද   එම අනුමැතිය ලබා දෙන්නේ  කොන්දේසි සහිතව  බවද   කාරක සභා සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ වැවිලි භෝග සම්බන්ධයෙන්  ග්ලයිෆෝසේට් භාවිතය පිළිබදව  පිළියෙල කරන ලද වාර්තාව පිළිබද පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගතයුතු බවද  හර්ෂ ද සිල්වා මහතා  පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍ය  විදුර වික්‍රමනායන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  විජිත හේරත්, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,  ආචාර්ය සුරේන් රාඝවන්,  එම් ඒ සුමන්තිරන්,  හර්ෂණ රාජකරුණා,  චමින්ද විජේසිරි, අනුප පැස්කුවල් සහ  මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු  සහභාගී වූහ.

එසේම මුදල් අමාත්‍යාංශය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය යන ආයතනවල නිළධාරීන්ද මෙම රැස්වීමට සහභාගී වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු  මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ සම්බන්ධවූහ.



අදහස් (1)

ග්ලයිෆොසේට් ආනයනයට අවසර දෙන ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට

D P P Prasad Tuesday, 06 September 2022 09:07 AM

පසුගිය අවුරුදු කිහිපය තුල වකුගඩු ආශ්‍රිත රෝග වළක්වා ගැනිමේ පියවරක් ලෙස ග්ලයිෆොසේට් ආනයනය හා බේදාහැරීම නතර කර තිබිණි.. මේ හේතුවෙන් තේ වගාව ප්‍ර්‍රමුඛ අනෙකුත් එළවළු වගාවන් සදහා යම් බලපෑමක් එල්ල වු බව අප කවුරුත් දන්නා කරුණකි. බොහෝ වගාකටයුතු වලදි මුලීක බිම් සකස් කිරිම හා වල්පැල මර්ධනය කර ගැනිම පිණිස මෙම රාසායනිකය යොදාගනු ලබයි. මෙමගින් බිම් සකස්කර ගැනිමට හා කෘෂි බාධක වල්පැල ඉවත් කරගැනීම ඉක්මනින් හා පහසුවෙන් සිදුවේ. එමනිසා කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය අමතර කම්කරු ශ්‍රමයද මෙමගින් යම් මට්ටමකට අඩුකරගනිමින් කටයුතු කල හැකි බැවින් යම් සහනදායි මිලකට මෙය ලබාදිම සමස්ත කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ උන්නතිය සදහා ඉවහල් වන බව සදහන් කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site