(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවකි.
අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ ( පුංචි අම්මා සෙවනේ) හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.
සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කිය කියයි.
පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී " සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ"" ඔයා ගාව හරි සුවඳයි" ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
මරු ගුරුවරී, මානසික රෝගියෙක් වෙන්ඩ ඇති.
ඔය තියෙන්නේ සාරිය ගලවාගෙන
අපේ කාලේ මෙහෙම ගුරුවරියන් හිටියේ නැහැනේ.
අම්මටත් පුංචි අම්මටත් හොදටම පිස්සු .බොහෝ ගුරුවරියො දරුවන්ට ඉතාමත් ආදරෙයි මේ දරුවා සමහර විටක පාසැල් යන්න නැතුව ඇති පුංචි අම්මා නොයවන්න ඇති. දරුවා ඉගෙනීමට දක්ෂ අයෙක් වෙන්න පුළුවන්. පුංචි අම්මා එයටත් අකමැති වෙන්න පුළුවන් .ඇත්තටම මෙම ගුරුතුමිය නිවැරදියි කියලා පේනවා .හරියට විමර්ශනය කරන්න කොහොම වුනත් අක්කගෙන් යැපෙන දරුවගෙ පුංචි අම්මා නිසා ගුරුවරිය පව් ,දරුවත් අනාතයි
සාරි ඇඳලත් මෙහෙම නම් ගවුම් ඇඳල මොනවා නොකරයිද?
පාසැලේ ගුරුවරියක් කියලා පුංචි අම්මා එකවරම ටීචර්ව අඳුනා ගත්තේ ඇඳගෙන ආපු සාරියෙ ඇඳුම නිසානේ... මේ ලමයගෙ 'ඔන්ලයින්--ඔන්න ලයින්' ජංගම දුරකථන වැඩ ගැන කුමන කතාද..? "සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ" ඔයා ගාව හරි සුවඳයි" කියලා ටීචර්ව කුලප්පු කරලා තියෙන්නේ මේ ලමයා දිගටම කල 'ඔන්ලයින්' සම්බන්ධකම් නිසා නේද..? එතකොට ලමයා නිදොස්..!
ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා.
"අපේ කාලෙ මෙහෙම ගුරුවරු හිටියෙ නෑනෙ"
මෙවැනි දේ පොලිසිවලට නොකියා බේරා ගැනීමට පුලුවන් . මහා විනාශයක් වෙලා නෑ නෙ. දැන් බලන්න අර ගුරුවරිය හිරේ. ඇය මවක්. පිරිමි දරුවට එයින් වාසියක් හෝ ආරක්ෂාවක් නෑනෙ.
මේවට මොනවා කියන්නද.?
අපි ඉස්කෝලේ යන කලේ මෙහෙම නැහැ.
අපේ කාලෙ මෙහෙම ගුරුවරියෝ හිටියේ නැහැනේ. අපේම අවාසනාව.
Was she the teacher wearing a SSAREE?
මේ වගේ ප්‍රශ්න ඉතා බුද්ධිමත්ව විමර්ශනය කරලා තොරතුරු ප්‍රසිද්ධියට පත්කළාට වරදක් නැහැ.. එක පාරටම මෙවන් පුවත් අනාවරණයෙන් මේ දරුවා සමාජයට මුහුණ දෙන්නේ කෙසේද?
හොඳින් කරුණු සොයාබලා සත්‍යය සොයාගන්න එක වැදගත්.. ආශාවන් සංසිඳුවා ගන්න උත්සාහ කළා නම් කාටවත් නොපෙනෙන විදිහට කටයුතු කරාවි... නේද?
නිසි පරීක්ෂණ නොපවත්වා මෙම සිද්ධියට අදාල තොරතුරු හෙළි කිරීමෙන් පොලිසිය කර ඇත්තේ බරපතල වරදකි. මෙම කතාවට තවත් පැත්තක් තිබෙනු නිසැකයි. පුංචි අම්මා ගුරුවරියගෙන් ප්‍රශ්න නොකර විදේශයක් සිටින අම්මාට කතා කලේ ඇයි? ගුරුවරිය දරුවන් ඇති මවකි. මේ දරුවා අයගේ ගෙදරට එක්ක යන්න තිබුණා නේද? දියුණු රටවල මෙවැනි සිද්ධීන් පිළිබද පරීක්ෂණ කර නඩු පවරනතුරු පොලීසිය මාධ්‍යයට තොරතුරු හෙළි නොකර රහස්‍ය භාවය රැකීමට ක්‍රියාකරයි. මේ සිද්ධියේදී චූදිතයා නඩු පවරන්නටත් පෙර වරදකරු කරලා. මාධ්‍යයටද උද්වේගකාරී නොවන ලෙස අපක්ෂපාතීව පුවත් වාර්තා කිරීමේ වගකීමක් ඇත. ගුරුතුමිය නිර්දෝෂී නම් අයට ඇතිවන අවමානයට, මානසික ආතතියට, පීඩනයට වග කියන්නෝ කවුරුන්ද?