(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
කොළඹ 15 පදිංචි අවුරුදු 15 ,17 සහ 20 වයස් සීමාවල පසුවන තරුණයන් තිදෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක තරුණයකු ද ඒ අතර වන බව එම ප්‍රකාශකයා පැවසීය
තුවාල ලද සියලු දෙනාම වාට්ටු අංක 72 හි ප්‍රතිකාර ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ අරගලය දඩමීමා කරගෙන මොවුන් මෙතන හොරාකනවා. මොවුන්ට රට හදන්න පුළුවන් නම් ඇයි මොවුන්ට මෙතන විනාශ කරන්නේ නැතිව ඉන්න බැරි?
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...
අරගලයක්...!
ඡන්දයෙන් පත්වෙන්න බැරි අයගේ අවස්ථාවාදී අරගලයේ තවත් එක් ප්‍රතිඵලයක්..!
අරගල භූමිය එන්න එන්නම ප්‍රචන්ඩ වෙන බවක් පෙනේ. ලංකාව ලිබියාවක් නොවේවායි ප්‍රාර්ථනා කරමු.
අරගලය නිර්පාක්ෂිකයි. ගහගන්න එකයි, ගුටි කන එකයි සර්වපාක්ෂිකයි.
අවුරුදු 15 කෙනෙක් !!! පට්ට අදහස් ඇත්තේ අරගලය ගැන...
අරගලයේ අවසානය ලංකාව තවත් ලයිබීරියාවක් නොවීමයි.
ඔතැන පාලනය කරගන්න බැරි අය රටක් පාලනය කරයිද?
දැන් උන් උන් ඇනකොටා ගන්න තත්ත්වයට පත්වෙලා. මෙකටතමයි කියන්න ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියලා කපනවා කියලා.