හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී ගැබිනි මවුවරුන් 2000කට පෝෂ්‍යදායී ආහාර මලු පිරිනැමීමේ අරමුණින් Global Vision Foundation විසින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සූරියවැව ප්‍රදේශයේ ගම්මානවල ගැබිනි මවුවරුන් 500කට පෝෂණ මලු පිරිනැමීමේ වැඩසටහන පසුගියදා සූරියවැව නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
Global Vision Foundation (සුනිල් ගමගේ පදනම) සභාපති හා ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් සුනිල් ගමගේ මහතාගේ සංවිධායකත්වයෙන් සහ ජපානයේ Tex Technology Incorporation සභාපති Tetsuro Yoshida මහතාගේ අනුග්‍රහයෙන් පැවැති මෙම ගැබිනි මවුවරුන්ට පෝෂ්‍යදායී ආහාර මලු පිරිනැමීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ජපානයේ හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී Matsushita Shinpei මහතාය. එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරිපාලන හා සෞඛ්‍ය නිලධාරීහු රැසක් සහ ජපන් තානාපති කාර්යාලයේ විධායක නිලධාරීහුද මෙම වැඩසටහනට සහභාගි වූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතාව තුරන් කිරීමේ සහ ගැබිනි මවුවරුන්ගේ හා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මෙවන් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ද ක්‍රියාත්මක කිරීමට Global Vision Foundation අපේක්ෂා කරයි. ඒ සඳහා ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රැසක සහයෝගය ලැබීමට නියමිතය.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ග්ලෝබල් විෂන් පදනමෙන් සූරියවැව අඩු ආදායම් ලාභී ගැබිනි මවුවරුන් 500කට පෝෂණ මලු
Hira Tuesday, 24 January 2023 09:33 AM
පෝෂණ මලු දීල අාගම ජතිය වෙනස් කරන්න හදයි. NGO කාරයො ලන්කාවට කෙලවෙල තියෙන එකෙන් උපරිම ප්‍රයොජන ගන්නව මේ ඩවස් වල. රැවටෙන්න එපා.