IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගලබඩඇල්ලේ නාන්නගිය තරුණයා අතුරුදන්

( රංජිත් රාජපක්ෂ   )                  

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මෙසේ ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වී ඇත්තේ නාවලපිටිය වෙස්ටෝල් ඇතටන්  ප්‍රදේශයේ පදිංචිව සිටි විජය කුමාර් ජැක්සන් (20) තරුණයෙකි.  

අතුරුදන් වු තරුණයා ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමඟ ඊයේ (17) දින උදෑසන නිවැසියන්ට නොදන්වා ගලබඩ දිය ඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ලබා නොගෙන දිය ඇල්ලට ඉහළින් වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් අනවසරයෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත.

අතුරුදන් වු තරුණයා කොළඹ ප්‍රදේශයේ පොත් අලෙවිසැලක සේවය කර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති අතර, පසුව තම මිතුරන් සමගින් විනෝද වීමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇත.

 

 



අදහස් (0)

ගලබඩඇල්ලේ නාන්නගිය තරුණයා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site