( ශාන්ත චන්ද්‍රසිරි)  

පවතින අධික වර්ෂාව හේතුවෙන් ග්ලේන්ෆෝල් දිය ඇල්ල ආසන්නයේ ඉහල ප්‍රදේශයේ කොටසක්  නායයාමකට ලක්ව තිබේ.

නුවරඑළිය නගරයේ බටහිරි මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහලට කඩා හැලෙන මෙම සුන්දර දිය ඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව තිබේ.

දිය ඇල්ල ඉහල ප්‍රදේශයේ සිදු කරනු ලබන එවැනි ක්‍රියාකාරකම්  හේතුවෙන් මෙම නායයාම සිදුවන්නට  ඇතැයි  කියති.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් දිය ඇල්ල ඉහල ප්‍රදේශයේ සිට විශාල පස් කන්දක් පහල ප්‍රදේශය දක්වාම නායායමට ලක්ව ඇත.

අඩි 33 ක් උස ග්ලේන්ෆෝල් දිය ඇල්ල අතීතයේදී විශාල ජල කදක් පහලට හෙලමින් ඉතාමත් සුන්දර ලෙස කඩා පැවතිණි.