(නිමල් ජයරත්න)
යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්‍රල් සෙබළුන් දෙදෙනකු පොහොයදා දහවල් මාදුරුඔය උද්‍යානයේදී අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවිී කාර්යාලය සඳහන් කරයි.
සැකකරුවන් මාවනාගම යුධ හමුදා කඳවුරට අයත් ලාන්ස් කෝප්‍රල් වරුන දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට භාරදීමට කටයුතු කල බව මාදුරුඔය උද්‍යාන භාරකරු ඩී,එස්. ජයසෝම රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මාදුරුඔය හෙනන්නේගල සිට මාවනාවෙල යුද හමුදා කදවුර දක්වා මුවමස් ප්‍රවාහනය කර ඇති අතර මීට පෙරද ඔවුන් ගිලන් රථයෙන් මස් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී බවත්, මේ පිළිබඳ හෙනන්නේගල වනජීවි කාර්යාල තොරතුරු ලැබීමත් සමග ඔවුන් කළ මෙහෙයුමකින් ගිලන්රථය සහ මුව මස් සමග සැකකාර සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ජයසෝම රත්නායක මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිලන් රථයෙන් මුව මස් ඇද්ද ආරක්ෂකයෝ මාට්ටු
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 08 November 2022 08:56 AM
හමුදාවේ ඇතැම් අය අහිංසක මුවන් මරා ගිලන් රථ වලින් හමුදා කඳවුරු වලට මුවමස් ප්‍රවාහනය කරනවා.මේවා මේ පොඩි අය පමණක් කරනා වැඩ නෙමෙයි.මේවා ඇතැම් ඉහළ අයත් සම්බන්ධව මනා ලෙස සංවිධානය කළ දේවල්. මේ දේවල් මෙට පෙර සිටම කෙරෙන්නට ඇති. මුවමස් ගෙනගොස් තිබෙන්නේ,හමුදා කඳවුර තුළට හා එහිම ගිලන් රථයකින්.පොලීසිය ළමයින් පිළිස්සූ කතාවක් ද තිබුණා.ඒත්, කෝ මේ ආරක්ෂක ඇමති,පොලිස්පති හා හමුදාපති වරුන්. වගකිවයුතු අංශ තද නින්ඳේ.වහා අවධි වන්න.
ganegoda Tuesday, 08 November 2022 12:35 PM
එකනෙ හිටපු ගමන් ඔවුන්ගෙ පවුල්පිටින් නැති වෙලා යන්නෙ !
Isuru Tuesday, 08 November 2022 12:23 PM
පුහුණුවෙන් පස්සේ ඔය වැද්දෝ කොහොමත් ලේ පිපාසිතයි. මුන් අවුරුදු 22ක සේවය කරලා අයින් කරද්දී පුනරුත්ථාපනය කරන්න ඕනේ.
Chandi Tuesday, 08 November 2022 12:51 PM
යුද හමුදාව මේ වගේ වැඩ කරනවා ද? ඒක තමයි හක්ක patas හදන අයට හොරෙන් support කරන්නේ.