
(ෂේන් සෙනෙවිරත්න)
ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් විමර්ශකයන් පිරිසක් අද ගාල්තැන්න දේවාලයට ගොස් එම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් කණ්ඩායම එහි යන විට එම ජීප් රථයේ බැටරි ගලවා එය පණ ගැන්විය නොහැකි ආකාරයට පත්කොට තිබූ බවද පොලිසිය කියයි.
පොලිසිය පවසන ආකාරයට එම සැක කටයුතු ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ කාලීන විමර්ශනයකින් අනතුරුව අනාවරණය කරගෙන ඇත්තේ එය කූඪ ලේඛන උපයෝගී කරගනිමින් ලියාපදිංචි කොට ඇති ජීප් රථයක් බවටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වසන අන්ධ භක්තිකයින්ට අනුව නම් මේවා දේව වාහන වේ... දැන්නේ අපි දන්නේ දෙවියෝත් හොර වාහන පාවිච්චි කරන විත්තිය.. කෝකටත් මාතලීගේ රියදුරු බලපත්‍රෙයන්ම පටන්ගත්තොත් හොඳයි වගේ...
දෙයියන්නේ වාහන පනගන්නන්න බැට්රි ඕන නෑ හලෝ…!
මෙයා දෙවියනුත් රවට්ටලා. අන්තිමට සල්ලිත් නැහැ.