(ඇන් ජේ පතිරාජ)
ගල්ගමුව - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී සිදුව ඇති රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි .
පිරිස ගමන් කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක් කඩාගෙන ගෙවත්තකට වැදි එහි පොල් ගසක ගැටි මේ අනතුර සිදුව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අට වැනි ගජබා රෙජිමේන්තුවේ අනුරාධපුරය , සාලියපුර කඳවුරේ සේවය කළ මේජර් ඊ.එම්. දිනේෂ් විජිත කුමාර ඉලංගරත්න (අවුරුදු 35) , ඊ. එම් චතුර සුභාෂණ ප්‍රේමලාල් (අවුරුදු 30) , හා ඊ. එම් . රුවන් තරංග ගුණසේකර (අවුරුදු 36) යන අයවලුන් බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය පවසයි .
මියගිය තිදෙනාම ගල්ගමුව , නොච්චිය , වන්නිකුඩාවැව පදිංචිකරුවෝ ය.
තුවාල කරුවන් දැනට ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලිසිය කියයි .
අනතුරෙන් මියගිය මේජර් ඊ.එම්. දිනේෂ් විජිත කුමාර ඉලංගරත්න
අනතුරෙන් මියගිය ඊ. එම් චතුර සුභාෂණ ප්‍රේමලාල්
අනතුරෙන් මියගිය ඊ. එම් . රුවන් තරංග ගුණසේකර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට