IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ගල්කිස්ස මුහුදු තීරය ගොඩකළ බලධරයන් උසාවියට කැඳවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.

මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කරමින් ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතිය පරිසර වාර්තාවක් නොමැතිව ආරම්භ කර ඇති බවත්, එබැවින් අදාළ පරිසර වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන ලෙසත් ,වෙරළ ආශ්‍රිත පරිසරය දූෂණය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර ඇත.

පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත රංජිත් සිසිර තුමාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , මධ්‍යම පරිසර අධිකාරිය , පරිසර ඇමැති, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

ගල්කිස්ස වෙරළ තීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය , පොලිතීන් ආදි අපද්‍රව්‍යයන්ගෙන් අපවිත්‍ර වී ඇත. මෙම තත්ත්වය තුළ වෙරළ තීරයන් ද පරිසර දූෂණයට ලක්ව ඇත.මෙම තත්ත්වය රටෙහි අනෙකුත් වෙරළ තීරයන් හී ද දක්නට ඇත.

ගල්කිස්ස වෙරළ තීරය මුහුදු ස්නානය සඳහා බොහෝ ජනතාව භාවිතා කරති.මේ අතර ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතියට අනුව වෙරළ කෘත්‍රිමව සකස් කිරීම අරඹා ඇත.

මෙම තත්ත්වය තුළ වෙරළ පරිසරය විනාශයට පත්වේ. මෙම වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කර ඇත. එහෙත් මේ පිළිබඳ පරිසර වාර්තාවක් මෙතෙක් ලබා ගෙන නොමැත.

මෙම තත්ත්වය තුළ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 4(ඉ) 4 (ඊ) 14 , 16 (2) 15 සහ 31 යන විධි විධානයන් උල්ලංඝනය වේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, වෙරළ සම්පත් කළමනාකරණ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලෙසත් වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ට දඬුවම් නියම කිරීමට නීති සම්පාදනය කිරීමට නියෝග කරන ලෙසද, අදාළ ව්‍යාපෘතියට පාරිසරික වාර්තාවක් ලබා ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (6)

ගල්කිස්ස මුහුදු තීරය ගොඩකළ බලධරයන් උසාවියට කැඳවයි

Champa Tuesday, 21 July 2020 01:17 PM

ගල්කිස්සේ මම හිතන්නේ මිනී අරුවක්කාලුවක් හදන්න හදලා තියෙන්නේ... කුණු මෙට්‍රික් ටොන් 20ක් උඩින් වැලි දාලා. ඊයේ පෙරේදා ලහිලහියේ ගොඩකරපු පෝට් සිටි වෙරළත් එහෙමද දන්නේ නැහැ. උසාවි ගියපු එක හොඳයි. හැබැයි යුක්තිය ඉටු වෙයිද සැකයි...

:       38       1726

susanthaWednesday, 22 July 2020 08:24 AM

ඔයා 3% ද.?

:       0       0

Sanath KandyWednesday, 22 July 2020 08:49 AM

3% මිනිස්සු තමයි අසාධාරණයට එරෙහිව පෙනී ඉන්නේ කියලා ඔයත් පිලිගන්නවා එහෙනම්.?

:       0       0

Prasad Tuesday, 21 July 2020 01:29 PM

ලංකාවේ දේශපාලුවන් හා නඩුකාරයින් දෙගොල්ලන්ම එකයි. අන්තිමට වැරැදිකරුවන් වෙන්නේ ලොරි රියදුරන් හා ඩෝසර් රියදුරන්...

:       0       339

මෝ Tuesday, 21 July 2020 08:21 PM

මේ අය සහ දේශපාලුවන් කරන්නේ මෙවැනි ව්‍යාපෘති පටන් අරං මහජන මුදල් ගසා කෑමයි.

:       0       28

Dhammika perera Tuesday, 21 July 2020 08:24 PM

ඕකත් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 605 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 349 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site