(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාධිත වී ඇති බවට තහවුරු වූ බවත් එම නිලධාරිනියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් සහකාර පොලිස් අධිකාරී වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දසදෙනකු නිරෝධායනය සඳහා යොමු කළ බව රත්මලාන සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසයි.
ගල්කිස්ස දිස්ත්‍රික් 2 සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන කොස්තාපල්වරියට හා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හා අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරියකට උණ රෝගය වැළදීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නාරහෙන්පිට පොලිස් රෝහල වෙත ගිය අවස්ථාවේදී සිදුකරන ලද රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකකට නොවේ... දෙදෙනෙකුට...