(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ බව කියන චීන ජාතිකයන් 17 දෙනකු හා ලාඕස් ජාතික තරුණියක අත්අඩංගුවට ගත් බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකාර චීන ජාතිකයන් අතර චීන ජාතික තරුණියක ද වන බව පොලිසිය කියයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටවල් කීපයක ප්‍රාන්තයන්හි ව්‍යාජ ලෙස සකසන  රාජකීය ලිපි ද්‍රවය කීපයක්, ඒවා සකස් කිරීමට භාවිතා කරන ලද කාබන් රබර් මුද්‍රා ඇතුළු පරිගණක උපාංග රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය බුද්ධි සේවයේ සිතාසි සහ වරෙන්තු අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකසාලිය ඒකනායක මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේ හා කොල්ලූපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් ඇමෙරිකානු කැලිෆෝනියා සහ කොලරාඩෝ ඇතුළු විවිධ ප්‍රාන්තයන් හි රාජ්‍ය ආයතන ලෙස පෙනී සිටිමින් මෙරට රැඳී සිටි මුදල් වංචාවේ යෙදී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය