IMG-LOGO

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීම: පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම්

(දිලංගා ගෝමස්)

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ පසුගිය (4) දා විත්තිකරුවකු ඉලක්ක කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී ගල්කිස්ස අධිකරණ සංකීර්ණ මුර පොලෙහි සේවයේ යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ ය.සිද්ධිය සිදු වූ අවස්ථාවේ දී අධිකරණයේ ආරක්ෂාවට සහා පිරිස පරික්ෂාවට කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළුව පොලිසියේ තිදෙනෙකු යොදවා තිබී ඇත.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් පසුගිය 4 වන දින පස්වරු  වෙඩි තැබීමක් සිදු වූ අතර එම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදු නොවීය.

ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.



අදහස් (2)

ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීම: පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම්

සුරංග Saturday, 06 August 2022 05:43 AM

අධිකරණය ගේට්ටු වලට ස්වයංක්‍රීය ආරක්ෂිත උපකරණ යොදන්න .කොහෙද අපිට මතක තියෙන්නෙ දින හතයිනේ‍ෙඑසේම අධිකරණ අවට මීටර් 500 ක් තුලවත් යතුරු පැදි නැවැත්වීම තහනම් කරන්න

:       0       0

වික්ෂිප්ත වන රාජ්‍යය සේවකයන් Saturday, 06 August 2022 08:59 AM

ආණ්ඩුවේ රැකියා නොගන්න තරමට කාටත් හොදයි. පොලීසියටත් වෙලාවකට දේශපාලකයො බලපෑම් කරනවා. ඉතින් ඒ අයටත් හිතාගන්න බෑ මොනව කරන්නද නැතිනම් නොකරන්නද කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 383 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site