(රංජන් කස්තුරි)
ඉන්දියානු ණය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයට ග්ලුකෝමීටර් තොගයක් මිලදී ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් කමිටුවක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දියානු ණය ආධාර යටතේ රුපියල් කෝටි 38ක් වටිනා ග්ලුකෝමීටර් තොගයක් මිලදි ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබූ අතර එම ණය ක්‍රමය අවසන් වී ඇති හෙයින එම ග්ලුකෝමීටර් තොගය මිලදී ගැනීමේ අර්බුදයක් ගොඩ නැගී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියානු ණය ආධාරය අවසන් වී ඇති හෙයින් එම ග්ලුකෝමීටර් ටෙන්ඩරය අහෝසි කළ යුතු බවත් ඒ සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවිය යුතු බවටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් පිටිසක් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.
නිසි ටෙන්ඩර් පටිපාටියට ලබන ජනවාරි මාසයේදී ග්ලුකෝමීටර් තොගයක් ලැබෙන හෙයින් හදිසියේ ගුලුකෝමීටර් මිලදි ගැනීමට රුපියල් කෝටි 38ක මුදලක් වැය කිරීම ගැටළු සහගත බව ද එම නිලධාරීන්ගේ අදහස් වී තිබේ.
COMMENTS