
(තිලිනි මධුෂානි)
ලෝක දත්ත විශ්ලේෂණ වාර්තා වලට අනුව ග්ලුකෝමා රෝගී තත්වය මෙරට සියයට 5 කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අනාවරණය කළේය.
ගෝලීය වශයෙන් මෙම තත්වය සියයට 3.54 ක් බවද හෙතෙම කියා සිටියේය.
මේ වසරේ ග්ලුකෝමා සතිය ලෙස මාර්තු මස 10 සිට 16 වනදා දක්වා නම් ඇති අතර මෙවර තේමාව ග්ලුකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු යන්නයි.
අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අක්ෂි පරීක්ෂාවන් සිදු කිරීම වැදගත් බව තම පවුලේ කෙනෙකුට හෝ ඥාතියකු මෙම රෝගයෙන් පෙළෙන්නේ නම් විශේෂයෙන් අක්ෂි පරීක්ෂණවලට යොමු වන ලෙස හෙතෙම ප්‍රකාශ කළේය.
ග්ලුකෝමා තත්වය හදුනා ගැනීමෙන් අන්ධභාවයට වළක්වා ගත හැකි බවද ගෝලීය සහ මෙරට අන්ධභාවයට පත් වීමට ග්ලුකෝමා තත්වය ප්‍රධාන එක් හේතුවක් බවද පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙයන් දිවයින පුරා අක්ෂි සායනවලින් රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ග්ලුකෝමා විශේෂ අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට ගාල්ල, පුත්තලම, බදුල්ල, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්ක වල සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්ලුකෝමා රෝගීන්ගේ වැඩි වීමක්
MANAMPERI Thursday, 07 March 2024 05:32 AM
ඖෂධ මිල ඉතා අධිකයි. විසඳුම පැමිණිය යුතුයි.