
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් බාසුර)
කොළ පැහැති ඇඳුමකින් සැරසුණු කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ වාහන ගාල් කිරීම සඳහා හිතුමතේ විවිධ ගාස්තු අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වෙති.
මෙලෙස මුදල් අය කිරීම ඉතා අසාධාරණ බව ජනතාව පෙන්වා දෙති.
විවේක ගැනීමට ඉතා කුඩා වේලාවකට පැමිණෙන ජනතාවගෙන්ද මේ අය මුදල් අය කරන බව ඔවුහු චෝදනා කරති. මෙරට ජනතාවගෙන් මුදල් අය කිරීමේදී මීට වඩා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ජනතාව පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප කොළඹ මහ නගර සභාවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවයි.
මේ අතර කොළඹ නගරයේ බොහෝ ස්ථානවල වාහන ගාල් කිරීමට යම් යම් කණ්ඩායම් හිතුමතේ මුදල් අය කරන බව පවසන වාහන හිමිකරුවෝ එදිනෙදා කටයුතු සඳහා පැමිණෙන ජනතාවට මුදල් අය කිරීමෙන් තොරව වාහන ගාල් කිරීම සඳහා නගරයේ නිදහස් ස්ථාන වෙන් කිරීම ඉතා වැදගත් බව රජයට යෝජනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි යම් මුදලක් ගත්තත් වාහනය ආරක්ෂිතයි. නිදහස් තැන්වල නවත්තලා වාහනේ කෑලි ගලවාගෙන ගියහම පොලිසියෙන් පිහිටකුත් නෑ.
මේවා අලුතින් පටන් ගත්ත දේවල් නොවෙයි, කාලයක් තිස්සෙ කරගෙන ආවා වැඩ, ඒ නිසා බොරුවට අපුල්ලන්න එපා. වාහනයක් ගත්තා නම් පාර්කින් ෆීස් ගෙවන්න බැරි කමක් නැහැනේ.
මේක ඇත්ත. මෝටර් සයිකල් එකක්ටත් රුපියල් 100 ක් ගන්නවා. නගර සභාවෙන් අහන්න දෙයක් නෑ. එවුන් තමයි මොවුන්ට මේක දීලා තියෙන්නේ. නව පාලකයින්‍ට සුද්ද කරන්න සෑහෙන්න දේවල් තියෙනවා. ගෝල්ෆේස් පිටියෙන්ම ගත්තොත් ඒක එකක්. කෑම අපිරිසිදු වගේම ඉහළ ගණන්. සෙල්ලම් බඩු ගණන්. හිඟන මිනිසුන්ගේ කරදරේ. වාහන පාකින් අධික මිල... මිනිහෙක් තමන්ගේ පවුල දරුවෝ එක්ක ඉඳලා හිටලා මේ වගේ තැනකට එන්නේ නිදහසේ විනෝද වෙන්න. ආරක්ෂාව බිංදුවයි. පොලීසියෙන් ඉන්නේ වාහනවල වැරැදි හොයන්න විතරයි. නව පාලකයෝ මේක වෙනස් කරන්න එකම දෙයයි කරන්න ඕනෑ. කෙලින්ම ජනාධිපතිට පමණක් වග කියන ඕනෑම තැනක් ඕනෑම දෙයක් පරීක්ෂා කරන්න පුළුවන් ඒකකයක් ස්ථාපිත කරන්න ඕනෑ. හැම පළාතකටම හැම දිස්ත්‍රික්කයටම, හැම නගරයකටම මෙම ඒකකයේ අනු ඒකක පිහිටුවන්න ඕනෑ. මේකට බඳවා ගන්න පොලීසියේ ත්‍රිවිධ හමුදාවේ සහ වෙනත් රජයේ අායතනවලින් කිසිම දූෂණයකින් තොර නිර්භීත දක්ෂ, උගත් කට්ටියක්... මෙම විශේෂ ඒකකයට සාමාන්‍ය වේතනය මෙන් දෙගුණයක වේතනයක් ලැබෙන්න ඕනෑ. එවිට ඔවුන් නිසියාකාරව අල්ලන්න ඕනෑ දේවල් අල්ලයි.
මේක හරිම කරදරයක්... පාන් ගෙඩිය රුපියල් 150යි. ඒක ගන්න කඩේට ගියාම රුපියල් 75ක් ගාස්තු ගෙවන්න ඕනෑ...
ගොඩක් තැන්වල පාකින් කියලා මඩිය තර කර ගැනීම තමයි තියෙන්නේ....