
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ක්‍රියාත්මක විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව මේ වන විට කොළඹ ගාලු මුවදොර ආසන්යේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ස්ථිර අට්ටාල ඉදිකරමින් එහි රැදී සිටීමට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ද රැස්කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වන විට රැදී සිටින විරෝධතාකරුවෝ මීට සුළු මොහොතකට පෙර පොල් ගසා දේව පූජාවක් ද පැවැත්වූහ.
ජනතාව විරෝධතාවට සහභාගිවීම සඳහා අද පස්වරු වන විට ජනාධිපති ලේකම් කාර්යාල අසළට ඇදෙමින් සිටින බවත් රාත්‍රී කාලයේ විරෝධය වැඩි කිරීමට විරෝධකරුවන් බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.
(ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලි අම්මගේ පිහිට,සීනීගම ගිහින් මිරිස් අඹරන එකත්, හෙන ඉල්ලා පොල් ගහන එකත් දූෂිත පවුල් පාලනේ උන් යනතුරු කරන්ඩම ඕනේ.
ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ක්‍රියාත්මකවූ ප්‍රජතන්ට්‍රවාදී ජනතා විරෝධතාවයේ අවසානය ජනතාවාදී රජයක් බිහිකිරීම වෙනුවෙන් මිස අවස්ථාවාදී දේශපලාන කණ්ඩායම් හෝ විපක්ෂයට බලය ලබාදීමට සදහා නොවේ. " YES WE CAN "
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වන විට රැදී සිටින විරෝධතාකරුවන්ගේ ඉල්ලලීම් අතර වැදගත්ම "නව ලිබරල් ආණ්ඩුවක් / සියලු ජාතින් නියෝජනය කරන ආණ්ඩුවක්". එය ඔවුන්ගේ මතවාදය වීමම අගය කලයුතුවේ. දෙවනුව ද්‍රවිඩ මුස්ලිම් තරුණ තරුණියන් ගේ මතය ඉදිරිපත් කිරීමටද අවස්තවක් ලබාදිය යුතුවේ
කාව බලයට ගන්නද? අන්න එක පිට දැනගන්න ඕනේ. සජිත්ට බලය දෙන්නද ජෙප්පන්ට බලය දෙන්නද?