IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගල් පැටවූ ලොරිය අඩි 1000ක් ප්‍රපාතයේ

(සමන් පාලිත නානායක්කාර)

අධික මීදුම මධ්‍යයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් අද 22 කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර බ්ලැක්වුඩ් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි දහසකට වඩා අධික ප්‍රපාතයකට පෙරළී ඇතැයි ද එහි රියදුරු ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයි ද හපුතලේ පොලීසිය පැවසීය.

හපුතලේ සිට බලන්ගොඩ දෙසට සිමෙන්ති ගල් පටවාගෙන ගමන් ගත් ලොරි රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.

ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදීමට උත්සාහ කරන අවස්ථාවේ ප්‍රධාන ලාම්පු එළිය සහ අධික මීදුම් තත්වය නිසා මාර්ගය පැහැදිලිව නොපෙනී ගොස් පාරෙන් ඉවතට පැන ලොරිය පෙරළී ගිය බවත් තමා ලොරියෙන් පැන දිවි බේරාගත් බවත් එහි රියදුරු පොලීසියට පවසා තිබේ.

මේ දිනවල දවසේ වැඩි කාලයක් දැඩි මීදුම් තත්ත්වයක් හපුතලේ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට පවතින බැවින් විමසිලිමත්ව රථවාහන ධාවනය කරවන ලෙස හපුතලේ පොලීසිය රියදුරන් ගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන් අධික මීදුම් තත්ත්වයක් පවතින අවස්ථාවලදී පොලිස් නිලධාරීන් යොදවා ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් වාහන ධාවනය කිරීමට රියදුරන් දැනුම් වත් කරන වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බවද හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේපාල රත්නායක මහතා පැවසීය.

 



අදහස් (2)

ගල් පැටවූ ලොරිය අඩි 1000ක් ප්‍රපාතයේ

Nandalal DE SILVA - France Thursday, 23 May 2024 02:09 AM

මේ රියදුරාට තිබිලා තියෙන්නේ නම් සුපිරිම සුපිරි වාසනාවක් දෙවියන්ගේ පිහිටයි... මිදුම නිසා හෙලිකොප්ටර් කඩා වැටි නව දෙනෙක් පරලොවට ගියා

:       0       3

ජයනාත් Thursday, 23 May 2024 07:59 AM

රියදුරු නම් සැබෑ වාසනාවන්තයෙක්. ඉදිරියෙන් එන වාහන හෙඩ් ලයිට් දාගෙන එන එක හෙනම වදයක්... මාර්ග නීති උල්ලංඝනය කිරීම ක් . දැන් නීති විරෝධී හෙඩ් ලයිට් තියෙනව මෝටර් සයිකල් සහ ත්‍රීවිල් වල . කාර් වෑන් බස් වල අයත් ඉදිරියේ වාහන එන විට ඩිම් කරන්න .

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site