( ෂේන් සෙනෙවිරත්න )

ලග්ගල පොලිස් වසමේ රිවස්ටන් මැටිහක්ක රක්ෂිතයේ බිං කොහොඹ ඖෂධය සොයා ගොස් රාත්‍රියේ ගල්තලාවක නවාතැන් ගෙන සිටි පුද්ගලයන් පස් දෙනකු අතරින් එක් අයකු ගල්තලාවෙන් ලිස්සා ඇද වැටී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

එසේ අත්අඩංගුවට ගත් සිව්දෙනා සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහේ බලපත්‍ර සහිත ගිනි අවියක් ද අත්අඩංගුවට ගෙන තිබේ .

එසේ ගල්තලාවෙන් පහළට ඇද වැටී වැටී මිය ගොස් ඇත්තේ එම්, ජී. ජයසිංහ බණ්ඩාර (55) නැමැති වැලිවරණගොල්ල, හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

අත්අඩංගුවට ගත් පුද්ගලයන් රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ බිම් කොහොඹ සෙවීමටද එසේත් නොමැති නම් සතුන් දඩයම් කිරීමටද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරන අතර සැක කරුවන් ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවටඉදිරිපත් කිරීමට නියමිතය .