(යොහාන් භාසුර)
රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී අද (15) පෙරවරුවේ පිලී පැනීම හේතුවෙන් බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ ‘ගාලු කුමාරි’ දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු අපහසුතාවට පත්වූ මගීන්ට ගාල්ල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහන සැලසීමට ක්‍රියානොකිරීම පිළිබඳව ජනතාව චෝදනා කරති.
දුම්රිය අතරමඟ නතර කිරීම මගී ජනතාවගේ දුර්වලතාවක් නොවන නිසා තමන්ට ප්‍රවේශපත්වල මුදල් ගෙවන ලෙස එහිදී ජනතාව ගාල්ල දුම්රිය ස්ථානාධිපතිවරාගෙන් ඉල්ලා සිටිය ද තමන්ට ඒ සඳහා බලයක් නොමැති බවට ස්ථානාධිපතිවරයා පවසා තිබේ.
ජනතාවට සහන සැළසීමට එහිදී පොලිසිය මැදිහත් වුවද එය ද පළක් නොවූ බව ද වාර්තා වේ. ‘ගාලු කුමාරී’ දුම්රියේ පළමු පංතියේ වෙන්කළ ආසනවල මගීන් විශාල මුදලක් ගෙවා ආසන වෙන්තරගෙන සිටි අතර ඇතැම් පුද්ගලයන් පවුලේ සියලුම සාමාජිකයන්ට රුපියල් 9000 කට අධික මුදලක් ගෙවා ආසන්න වෙන්කරගෙන ගමන් කරමින් සිටියේය.
හිටි හැටියේ දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද බව දැනුම්දීමෙන් පසු ‘ගාලු කුමාරී’ ගමන් කරමින් සිටි විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවට පත්වූහ.
එම තත්වය හමුවේ මගී ජනතාවට නැවත විශාල මුදලක් වියදම් කර බස් රථයේ ගමන් කිරීමට සිදුව තිබේ.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එවැනි අවස්ථාවලදී මගී ජනතාවට වන අපහසුතාව මඟ හැරීමට ක්‍රමයක් සකස් කරන ලෙස ස්ථානාධිපතිවරු අඛණ්ඩව ඉල්ලීම් කළ ද බලධාරීන් එය මඟහැරි බවයි.
මෙම තත්වය පිළිබඳව විසමසීමට දුම්රිය වාණිජ අධිකාරී වජිර පොල්වත්තගේ මහතාගේ මහතා දුරථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වා කථා කිරීමෙන් වැළකී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වෙලාවලදී අරකට බලය නැහැ මේකට බලය නැහැ හැබැයි වර්ජනයක් කිව්වා නම් බලය තියෙනවා ඕන කෙනෙක්ට