
(සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල )
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අල්ගෙවත්තගේ කමනී වීරතුංග ( 63 ) සහ පී ජයසිංහ( 67) නැමැති අඹුසැමි යුවළය.
ගැබිනියක වන මෙම යුවළගේ දියණිය ප්‍රතිකාර ගැනීමට කොළඹ ගොස් ඇත.
මේ අතර අද උදේ එම දියණිය නිවසේ සිටි පියාගේ දුරකතනයට ඇමතුමක් ගෙන ඇත.එහෙත් ඊට ප්‍රතිචාර නොලැබීම නිසා ඇය ඥාතියෙකුට ගොස් සොයා බලන ලෙස දැනුම්දී තිබේ
ඒ අනුව අසල්වැසි එම ඥාතියා ගොස් බලන විට නිවසේ ලේ පැල්ලම් තිබෙනු දැක පොලීයට දැනුම්දී තිබේ.ඒ අනුව පැමිණ බලන විට මෙම යුවල ගෙල කපා නිවස තුල මරා දමා ඇති බව සොයා ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.