(ගයාන් සූරිය ආරච්චි සහ ඉන්දිකා රාමනායක)
බීමතින් පැමිණ තම බිරියට පහර දුන් මස්සිනාට පොරවකින් හා ගල් ඉන්නකින් පහරදී මස්සිනා විසින් ඝාතනය කර ඇතැයි දෙහි ඕවිට පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි දීගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි. මියගිය තැනැත්තා බීමතින් පැමිණ සිය සහෝදරියට පහරදී ඇති අතර ඇගේ සැමියා එය දැක මරණ කරුට පොරවකින් සහ ගල් ඉන්නකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම ඝාතනය සම්බන්ධයෙන් හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd