(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලයෙන් පන්ති පැවැත්වූ තම ගුරුවරියගේ හිසට වෙනත් අසභ්‍ය ඡායාරූපයක් එක්කර වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අඹිලිපිටිය ප්‍රදේශයේ සාමනේර හිමිනමක රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණු ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක දාහත් හැවිරිදි සාමනේර හිමිනමකි.
මෙම සැකකාර බාලවයස්කාර සාමනේර හිමිනම අන්තර්ජාලයෙන් අමතර පන්ති මෙහෙයවන ලද ගුරුවරියක කෙරේ හිත බැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හිමිනම ඇයට ඒ බව ‘වට්ස්ඇප් සමූහයට‘ දැනුම් දී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් එම වින්දිත ගුරුවරිය කරන ලද පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් සිදුකිරීමෙන් පසු සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරියට අමුතු පාඩමක් කියා දුන් ශිෂ්‍ය හිමිට ඇප
බද්රානි Tuesday, 18 October 2022 10:03 PM
අවුරුදු දාහතට ඔය වගේ වැඩක් කළා නම් ඉතින් අනාගතයේදී මොවුන්ගෙන් සමාජයට වෙන හානිය අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ. අනිවාර්යයෙන්ම පුනරුත්තාපනය කල යුතුයි. මෑත කාලයේ සමාජයේ අලජ්ජි ලෙස හැසිරෙන අවිනීත අය නිසා ඇතිවූ සමාජ ව්‍යසනයට කවුද වග කියන්නේ? මට නම් හිතෙන්නේ මේ විදිහට ගියොත් අනාගතයේදී මේ රට මීටත් වඩා විනාශයට පත්වෙන එක වලක්වන්න බැහැ.
හිරේ සැප Tuesday, 18 October 2022 10:20 PM
චීවරයට නිගා කරන මේවගේ අයට ඇයි ඇප....?
කිරිපුතා Tuesday, 18 October 2022 10:21 PM
වග කිව යුතු ගරු මහා සංඝරත්නය කටයුතු කරාවියැයි සිතමු. අරහත් ධජයට මහත් නිගාවකි. ඉදිරියේ දී සසුන කෙලෙසීමට කරයුතු කරනු ඇති.
ලසන්ත Tuesday, 18 October 2022 10:37 PM
සූරියකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයේ කිව්වම මම අහල නැහැ එහි විහාරයක් තියෙනවා කියලා එය අලුතින් ඇතිකල එකක් වෙන්න පුළුවන් නැත්නම් ඉතින් දෙනියාය පාරෙන් ඉහළ තිබෙන තැනක් නම් මුදාහල කෙනා සසුනට සුදුසු නැහැ.
chandima Wednesday, 19 October 2022 12:24 AM
අම්මපා සාමනේර වෙලා ඔහොමනම් තව පහු උනා නම්..?
Kiri putha Wednesday, 19 October 2022 07:16 AM
කා අතිනුත් සුළු සුළු වැරදි වෙනවා.
ලසන්ත Wednesday, 19 October 2022 11:12 AM
තමුන් සාමනේර උන්නාන්සේගේ අප්පොච්චිද ඔහොම කියන්නෙ කා අතිනුත් වැරදි වෙන්න පුළුවන් කියලා සිවුරක් ඇදගත් කෙනෙකුට එහෙම කරන්න බැහැ ඔය ප්‍රදේශවල නිවාස ඉතාමත් අඩුයි තියෙන්නෙ සිංහරාජයේ වනාන්තරය ඉතින් දානයක් අරගෙන යන කණ්ඩායමේ ලස්සන ගැහැනු ළමයෙක් දැක්කොත් ඒ සාමනේර තැන මොනවා නොකරයිද
ලුම්බිණි Wednesday, 19 October 2022 10:44 AM
බවුන් වඩන්නට පින් මදි වෙන්නැති ඒකයි මේ නන්නත්තාරේ