(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් හත් දෙනෙකුට එහි ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහර දීම නිසාවෙන් සිසුන් තිදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
රෝහල් ගතව සිටිනා සිසුන්ගෙන් එක් අයෙකුට පමණක් තදබල ලෙස පහර වැදී ඇති බවත් අනෙක් දෙදෙනාගේ තත්වය යහපත් අතට පත්වෙමින් තිබෙන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
පාසල් ඉගෙනුම් කාළය තුලදී අදාල සිසුන් තිදෙනා ඇතුලු සිසුන් හත් දෙනෙකු පාසලේ ආපන ශාලාවට යෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් එම සිසුන්ගේ පන්ති භාර ගුරුවරයා විසින් මෙම පහර දීම සිදු කර ඇතැයි පැමිණිල්ලක් ලද බව පාදුක්ක පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල අමතක වෙච්චි ගුරෙක්... දහවැනි ශ්‍රේණිය කියන්නේ අවුරුදු 15, 16, 17 යන වයසේ පසුවන ළමුන්... හොඳට කන්න පුළුවන් වයස... ඒ වගේම නිතර නිතර බඩගින්නත් එන වයස... මෙම වයස් ඛාණ්ඩයේ ළමුන් සිටිනා ඕනම දෙමව්පියෙක් මේ බව සනාථ කරනු ඇත...
ස්ට්‍රයික් කරන දෙවිවරු. ගන්න පඩියට ඉගැන්නුවාම විතරක් ඇති.