
(ගයාන් සූරියආරච්චි)
ඇඹිලිපිටිය ඩී 15, 99 ගගේයාය ප්‍රදේශයේ නිවෙසේ තිනිව සිටි ගුරුවරියකගේ නිවෙසට පැන්න කොල්ලකරුවෙක් ගුරුවරිය පුටුවක ගැටගසා රුපියල් එකොළොස් ලක්ෂ පහළොස් දහසක මුදලක් සහ රන්අබරණ කොල්ල කා පලාගොස් ඇති බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.
සැකකරු ගුරුවරියගේ නිවෙසේ නාන කාමරයේ කවුළුවෙන් නිවෙසට ඇතුළුවී ගුරුවරියගේ බෙල්ලට පිහියක් තබා බියවද්දා තිබේ.
පසුව ගුරුවරිය පුටුවක තබා අත් දෙක පිටුපසට සිටින සේ ගැටගසා ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
පසුව සැකකරු නිවසේ තිබූ රුපියල් 35,000 ක් සහ පවුම් 6 ක් බරැති රන්මාලයක්, පෙන්ඩනයක්, වළලු ජෝඩුවක්, මුදු දෙකක් සහ කරාබු ජෝඩුවක් කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් එකොලොස් ලක්ෂ පහලොස් දහසක් (1115000/=) ක මුදලක් නිවසේ තබාගත්තේ මොකටද? ඇත්තටම ගුරුවරියක් ලෙසට මෙහෙම නොදන්නා කමක් තිබීම සමස්ත ගුරු පරපුරටම නින්දාවක් කියන්න පුළුවන් ගුරුවරුන්ට පඩිමදි කියන්නේ මෙහෙම අතිවිශාල මුදල් නිවසේ පුරවාගෙන නේද?
මහ බැංකුව මුදල් නිකුත්කරන්නේ ජනතා අවශ්‍යතාව වෙනුවෙන් තමයි .ඉතින් එහෙම තියෙද්දී මුදල් සංසරණය නොවී කිසිවෙකුට ප්‍රයෝජනයක් නැතුව සගවා තිබීම රටේ සංවර්ධන කටයුතු වලට බාධාවක් වෙනවා.