
(අමදෝරු අමරජීව)
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාල ජාතික පාසලේ දිගු කලක සිට පවතින ගුරු හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලා සිසූහු හා මව්පියෝ ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගය මොල්ලිපොතාන මංසන්ධියෙන් හරස් කර අද (27) පෙරවරුවේ විරෝධතාවයක නියැලුණහ.
මේ නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවු අතර තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ එක් මං තීරුවක් විවෘත කර වාහන ගමනාගමනයට ඉඩ සලසා දීම සිදු කෙරිණි.
මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාල ජාතික පාසලට විදුහල්පතිවරුවෙකු නොමැති අතර හිටපු විදුහල්පති ස්ථාන මාරුවීම් ලබා ගොස් ඇති බවන් මේ හේතුව නිසා පාසලේ පරිපාලන ආක්‍රමවත් බවත් දෙමාපියෝ පැවසූහ. විද්‍යාව ,ගණිතය, ඉංග්‍රීසි පුරවැසිය අධ්‍යාපනය යන විෂයන්වලට දිගු කලක සිට ගුරු පුරප්පාඩු පවතින බවද දෙමාපියෝ පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සමහර මහා සංස්කෘතියක් තියෙනවා කියන ඉස්කෝලවල ගුරුවරු ස්ථාන මාරු කරන්න හදන කොට ආ ඒ සර් අපේ, එයා තමයි අපේ අහවල් කන්ද තරණය කරවන්නේ. ඒ නිසා ස්ථාන මාරු කරන්න එපා... අපේ අහවල් සංස්කෘතිය කැඩෙනවා කියන දෙමව්පියන්ටයි, ආදි සංගම්වලටයි මේ ප්‍රශ්නත් පෙනේවා...!
හැමෝම කැමති ලොකු ඉස්කෝලවලට යන්න. මම කියන්නේ.. මේ වගේ ඉස්කෝල වලට දාන ගුරුවරුන්ට ගෙවන්න ඕනේ. කොළඹ, නුවර ඒවායේ ගෙවනවා වගේ තුන් ගුණයක්... ඒ වගේම පිටරට ශිෂ්‍යත්ව.. අන්න ඒ වගේ ඒවා දුන්නා නම් ඕවා පිරෙන්න ගුරුවරු ඒවි...