
(ආරියරත්න රණබාහු)
දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය
එම පුරප්පාඩු සංඛ්‍යාව 3000ක් පමණ බව පැවසූ අමාත්‍යවරයා එලෙස විශාල සංඛ්‍යාවක පුරප්පාඩු පුරවා නොතිබීම හේතුවෙන් දැනට සේවයේ නියුතු ග්‍රාම නිලධාරීවරුන්ට වසම් කීපයක රාජකාරී ආවරණය කිරීමට සිදුව ඇති බවද සඳහන් කළේය.
ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කඩනම් විසඳුම් ලබාදීමට පියවරක් ගන්නා බවද හෙතෙම කීය .
ඒ සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් විභාග ලියලා ලිස්ට් එකේ ඉන්න කෙනෙක්. අපේ ප්‍රා.ලේ. කොට්ඨාශයෙන් 15 ක් පාස් කළා. 7යි ගත්තේ... මම 8. දෙවැනි වටයක් ගන්න තුරු බලන් ඉන්නවා. තවම නෑ...
ආයේ විභාග තියලද ගන්නේ...?