IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් දෙකක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස්  වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට  තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද මිය ගොස් ඇතැයි  ගෑන්ඩ්පාස්  පොලිසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි පනස් හය හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය වූ අවස්ථාවේදීම මාතර කඹුරුගමුවේ  ප්‍රදේශයේ පදිංචිව සිටි කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකු  මියගියේය.

මියගිය කාන්තාව මිය ගිය ඥාති පුත්‍රයා සමග තීරෝද රථයෙන් බේස් ලයින් මාර්ගයේ සිට වදුල්ලවත්ත ප්‍රදේශය කරා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී තීරෝද රථයක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් කාන්තාවක බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.

56 හැවිරිදි බරපතළ තුවාල ලද කාන්තාව මිය ගිය ඥාති පුත්‍රයා සමග තීරෝද රථයෙන් බේස්ලයින් මාර්ගයේ සිට වදුල්ලවත්ත ප්‍රදේශය කරා යමින් සිටියදී මෙන්ම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩික්කරුවන් යතුරුපැදියක පැමිණෙන්නට ඇති බවට බොහෝ දුරට සැක කරන බව පොලිසිය කියයි.

 



අදහස් (2)

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් දෙකක් මරුට

Ananda Sooriyabadara Thursday, 25 July 2024 08:44 PM

අලුත් පොලිස්පතිට කියන්න...!

:       4       5

KPI Friday, 26 July 2024 05:16 AM

පහුගිය වසර දෙක තුන හා වර්තමාන ඇතුලත සිද්දි බලනකොට අපි හැමෝටම ජාති ආගම් භේදයකින් තොරව ප්‍රසිද්දියේ තුවක්කු ගෙනල්ලා හිතේ හැටියට වෙඩි තියාගන්න පුලුවන් සුන්දර යුගය වැඩි ඈතක නෙවී වගේ . රනිල්, මහින්ද , දේශබන්දු වගේ මහත්වරුන්ට බොහොම පින් මේ යුගය උදා කරාට.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site