IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට 5ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස් නාගලන් වීදිය ගෑස් වෙළඳ සැලක් තුළ දී තියුණු ආයුධවලින් කපා කොටා  තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය කියයි .

එම සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් කඩු දෙකක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී සෙල්වකුමාර් ශමාල් සසිදු නැමැති 25 හැවිරිදි තරුණයෙකි.

ඝාතනයට ලක්වූ තරුණයා ඉකුත් 5 වෙනි දින තවත් පිරිසක් සමඟ ත්‍රීරෝද රථයකින් ග්‍රෑන්ඩ්පාස් නාගලම්විදිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී   සැකකරුවන් තියුණු ආයුධ ඇතැතිව තිරෝද රථය පසුපස හඹා ඒමත් සමගම  සැකකරු එයින් බිමට පැන  වෙළඳ සැලක් තුළට දිව යාමත් සමඟම පසුපස හඹා හා සැකකරුවන් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී පළා ගොස් තිබිණි. 

අනතුරුව එහි සිටි පිරිස බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා ව පුද්ගලයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් තිබිණි.

මෙම පහරදීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලකට මීට මාස කීපයකට කීපයකට ඉහතදී ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් පුද්ගලයකුට   මේ ආකාරයෙන්ම තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප්‍රධාන  සැකකරු එම පුද්ගලයා බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය නාග ලං වීදිය සහ වෙන්නවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෝ ය. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site