
(යොහාන් භාසුර)
වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බවත් දිවි දෙවෙනි කර රාජකාරි කරන වනජීවී නිලධාරීන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බව කීය අමාත්‍යවරිය දිවිය දෙවැනි කර රාජකාරිකරන නිලධාරීන්ට රාජකාරිය වෙනුවෙන් සහතිකයක් මෙන්ම එම නිලධාරීන්ගේ කැපකිරීමට අගයක් ලැබිය යුතු බවද සඳහන් කළාය.
ගිරිතලේ ප්‍රදේශයේදී ස්ථාපනය කළ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනය විවෘත කරමින් අමාත්‍යවරිය එසේ පැවසුවාය. ඇමරිකානු ආධාර යටතේ මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය රුපියල් කෝටි 105 ක් පමණ වැයකර ඉදිකර තිබේ.
මෙහිදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සතුන් සුරතල් කිරීම ද කැපී පෙනුණි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ ආයතනය විවෘත කරයි
Ruhunu Saturday, 06 May 2023 07:12 PM
පුළුවන් නම් නාගයෙක් හුරතල් කරන්න දෙන්නකෝ..!
චන්ද්‍රිකා Sunday, 07 May 2023 06:25 PM
මෙහෙම සතුන් හුරතල් කරන්න ඇමැති තනතුරු මොකටද? එහෙම තියෙද්දී නේද පොහොට්ටු පිරිස තවත් ඇමැති තනතුරු ඉල්ලන්නේ...!