
(ගයාන් සූරියආරච්චි)
කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාලව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව ගැරඩිඇල්ල මාරක රිය අනතුරේ විමර්ශන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඔහු ඒ බව පැවැසූවේ ඊයේ (11) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා විසින් එම අනතුර සම්බන්ධ කමිටු වාර්තාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට බාර දුන්නේය.
එම කමිටු වාර්තාවට අනුව එම අනතුර සිදුවූ ස්ථානයේ යකඩ වැටක්, කොන්ක්‍රීට් ආධාරක කණු, විදුලි බල්බ, මාර්ග ගැටිති හෝ ඊතල මාර්ගෝපදේශක සලකුණු කිසිවක් නොතිබුණු බවද අජිත් රෝහණ මහතා පැවැසීය.
එමෙන්ම බස් රථය පැය දහතුනහ මාරක පමණ දීර්ඝ ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට නියමිත පරිදි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් අවසරයක් ලබාගෙන නොමැති බවත් එබැවින් එම බස් රථයේ ලියාපදිංචි අයිතිකරු ලෙස ගමනා ගමන කොමිෂන් සභාවට සහ කතරගම ඩිපෝ අධිකාරීයට නඩු පැවැරීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යහපත් වැඩ...
මට ෂුවර් කින් කැකිල්ලේ මොකෙක් හරි සොච්චමෙක් අල්ලන් වරදකරු කරයි කියලා. පාරට තාර දාපු කෙනා අල්ලා ගනීවි...
හරියටම හරි. හැමදාම ඔය වගේ මාරක රිය අනතුරු වුණාම නඩු පවරන්නේ රියැදුරුට හරි අයිතිකාරයට විතරයි... මාර්ග පද්ධතිය ප්‍රශ්න අදාල නෑ... මීට වසර දෙකකට විතර ඉහත හොරණ මාර්ගයේද කොහේද නිසියාකාරව අනතුරු ඇඟවීමක් නැතුව ආරක්ෂාවක් තිබ්බේ නැති නඩත්තුවක් නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු නැති වුණා... ඒකට කාටවත්ම නඩු නෑ... අන්තිමට තනි වුනේ මාස තුනේ අත දරුවායි නෝනයි අම්මලා තාත්තලා විතරයි.
යකෝ මේවනේ නඩු... එළ එළ...
ඩිපෝ අධිකාරියට නඩු පැවරීම හොඳයි. එයාලා හිතන්නේ රියැදුරු මහත්තුරුත් යකඩ වලින් හදලා කියලා...!
අජිත් රෝහණ මහත්තයෝ, දෙපස ආරක්ෂක වැට සහිත කොන්ක්‍රීට් ආධාරක කණු නොමැති මාර්ග බොහෝමයක් ලංකාවේ බොහෝ ප්‍රදේශවල තියෙනවා. ඒවා ගැනත් සොයාබලා, එවැනි ආරක්ෂක වැටවල් සහ කොන්ක්‍රීට් කණු සවි කිරීමට කටයුතු කරන්න. බොහෝ ජීවිත රැකෙයි. ඔබට ගොඩාක් පින් අයිති වේවා.
මහින්ද මහත්තයා පාරවල් හැදුවට ගැරඩි ඇල්ල අමතක වෙලා ලු. ගම්මන්පිල කියන්නේ.