
(රවින්ද්‍ර ලියනගේ)
අලුත්වැඩියා කටයුක්තක් සදහා වෙන්නප්පුව වැව පාරේ ගරාජයක නවතා තිබු බස් රථ හතරකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.
පෙර දින(20) පාන්දර 2.30 ට පමණ මෙම ගිනි තැබීම සිදුකර ඇති බවත් එම සිද්ධිය සම්බන්දයෙන් වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ගරාජය තුළ පැතිරිගිය ගින්නෙන් නවින පන්නයේ බස් රථයක් සම්පුර්ණයෙන් ගිනිගෙන ඇති අතර තවත් බස් රථ තුනකට ගින්නෙන් සුලු හානි සිදුවි ඇති බව පොලිසිය කියයි.
ගින්න පැතිරිමත් සමග ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් එක්ව ගින්න නිවා දැමිමට කටයුතු කර ඇති අතර ගින්නෙන් බස් රථවලට සිදුවි හානිය රුපියල් කෝටි තුනක් පමණ බව පොලිසිය සදහන් කරයි.
අලුයම් කාළයේදි කිසියම් පුද්ගලයකු බස් රථයකට ගිනි තබා දිව යන ආකාරය අසල නිවසක සවිකර තිබු සිසිටිවි කාමරාවක සටහන් වි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි රටට, ජාතියට හෙණගහන අපරාධවලින් මැදපෙරදිග වැඩකරන අපේ අහිංසක ජනතාව මෙරටට එවන ඩොලර් ටිකයි විනාශ වුණේ...
ඊර්ෂ්‍යාව මානසික රෝගයක්. වගකිව යුත්තා මානසික රෝහලට කොටුකළ යුතුයි.
ආයෙත් ගිනි තියන සංකල්පය ඇවිල්ලා වගේ. කාගෙද මේ?