
(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත කුලරත්න)
සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන් ගේ සුහද හමුවකට සහභාගී වූ පිරිසකට ලබා දීමට සූදානම් කර තිබූ ආහාරපාන තොගයක් තම භාරයට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
රුපියල් එක් ලක්ෂ විසි දෙදහකට ආසන්න වටිනාකමක් සහිත ආහාර ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
ලද පැමිණිල්ලක් මත පොලිස් නිළධාරීන් පිරිසක් එම හෝටලයට ගොස් අදාල මෙලෙස ආහාර ලබා දීම නවතා එම ආහාර පොලිස් භාරයට ගෙන ඇත.
හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ සිදු කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝමාගම පොලිසියේ අයට සුමානයක් අවුරුදු වගේ ඇති.
පොලීසියට හොද්ද බොරයි. රසමසවුළු භුක්ති විඳින්නට පුළුවන් කාලයක් මේක...
පටන් ගන්න කොටම හොරවැඩ කරන්නේ දිලිත්ගේ ගෝලයෝ... ඒ වුණාට දිලිත් කතා කරන්නේ... කියන්න වචන නෑ...
දැන් මේ කෑමවලට මොනවද වෙන්නේ..?
පොලිසියේ මහත්වරු හොඳට කන්න ඇති... ඒකත් හොඳයි.