
(ඩී.ජී. සුගතපාල)
අක්මිමණ රුහුණු ජාතික අධ්‍යාපන පිඨයේ පුහුණුව ලබන ගුරු සිසුන් පරිසකට පහරදි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිමාවාසික ගුරු සිසුන් හත් දෙනාගෙන් හය දෙනකු හෙට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
හත්වන සැකකරු වන ඩිල්ශාන් චතුරංග ජාසිංහ රුපියල් පනස් දහසක ශරිර ඇපයක් මතමුදා හැරිමට ද නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ සෝමදාසගේ තරිඳු දේශාන්,තිරියදුරයලාගේ තාරුක එරන්ද මධුරංග,නිපුන හේෂාන් ධරමවරධන,ඇලේ ගෙදර ශානුක හෂාන් අමරසුරිය,අධිකාරි මුදියන්සේලාගේ සම්පත් සඳරුවන් අධිකාරි,බියන්විල ගමරාලලාගේ මධුරංග රමේෂ් යන සැකකරුවෝ හය දෙනා වෙති.
සැකකරුවන් විසින් පහරදිම නිසා තුවාල ලැබු පළමු වසරේ ගුරු සිසුන් 12ක් කරාපිටිය රෝහලට ඇතලත් කර ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.
සැකකරුවන්ගේ විසිර යාමේ උත්සවය 28වන දිනය යෙදි තිබි ඇති අතර ඒ සඳහාා 26වනදින රාත්‍රි පළමු වසරේ සිසුන් උත්සව ශාලාව සරසා අලුයම දෙකට පමණ නේවාසිකාරයට ගොස් සිටියදි අලුයම තුනයි තිහට පමණ පිටත නවාතැන් ගෙන සිටින සැකකාර ජ්‍යෙෂ්ඨ සිසුන් අනවසරයෙන් පළමු වසර සිසුන්ගේ නේවාසිකාරයට කඩා වැදි අතින් පයින් පහරදි තුවාල සිදුකොට පිටව ගොස් ඇත.
සැකකරුවන් මෙ වනවිට පාසල්වල ඉගැන්විමේ කටයුතු කරගෙන යනු ලබන අතර පහරකැමට ලක්වුු ගුරු සිසුන්ද කාල සටහන් අනුව පාසලවල ඉගැන්විමේ කටයුතු කරගෙන යන බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයින්ට කිසිම සමාවක් නොදිය යුතුයි...
මොවුන්ගේ පත්වීම් කැන්සල් කරලා ගෙදර තියන්න ඕනෑ. පෙරෙට්ටොයි, ජෙප්පොයි එට විනාශ කරනවා.. ඔවුන්ගේ සමිති හරහා.. කාලකණ්ණි...
මේ නොසණ්ඩාලයින්ට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි. ගුරුවරුන්ගේ හැසිරීම් ඔහොම නම් අනික් අය ගැන කවර කතාද?...
අන්දන්න තියෙන්නේ මේ අයට සාරී.
සුරුට්ටු සින්හලයන්ගෙ ගතිගුනවල් ගෙන ඉතින් අහන්ඩත් ඔනෙද? උන් කවදත් කොතෙනකත් හැසිරෙන්නෙ ඔය වගේමයිනෙ. ගහගැනීම්, මිනීමැරුම්, යනාදිය සින්හල සුරුට්ටුවන්ට නිකන් කජු කනවා වගෙනෙ.
හිරෙ ඉන්න අයට උගන්වන්න පුලුවනි.
සිර දඬුවම් නියම කරන්න...