
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් යොදන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
රටේ පාසල් බොහොමයක ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත් රාජ්‍ය සේවයේ පිරිස් බඳවා ගැනීමෙන් එම ගැටලුවද විසඳෙන බවත් මන්ත්‍රීවරයා කීවේය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසුවේ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.
ලබන වසරේ ජනවාරි සිට ගුරුවරුන් පිරිසක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම අය රාජ්‍ය සේවයේ ඉන්නෙ එංගලන්තෙ වෙන්ටැති.
ඕනෙම හරකෙකුට පාර්ලිමේන්තු යන්න පුළුවන් බව ඇත්ත.ඒත් ගුරුවරයෙක් ඒ තත්වයට දාන්න පුලුවන්ද?
සියලූම උපාධිධාරීන්ට අයදුම් කිරීමට හැකි විවෘත exam එකක් පවත්වන්න. 2021 උපාධිධාරීන් හට මේ නිසා අයදුම් කරන්න බෑනේ.
ඕනේම හරකෙකුට සුදුසුකම් නොමැතිව පාර්ලිමේන්තුවට යන්න හැකිබව ඇත්ත... සහ ඕනෑම දේශපාලන පන්දමක් අතැතිව සුදුසුකම් නොමැතිව රාජ්‍ය සේවයටද යාමට හැකි බවත් ඇත්ත... නමුත් ගුරු වෘත්තිය වගේ උසස් වෘත්තියකට නිසි පුහුණුවක් නොලබන සිතැඟි පුද්ගලයින් තෝරාගත හැකිනම් රටේ මේතරම් ගුරු පුහුණු අධ්‍යාපන ආයතන තිබීමටද අවශ්‍ය නැත. නූගත් පිරිස සොයා ගුරු වෘත්තිය තෑගි කිරීමෙන් බිහිවෙන්නේ 225 වගේම සමහරක් රැලක් පමණකි..