
(සිඩ්නි රුවන්)
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
දිව්ල්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ශක බී.එම්.ඩබ්ලිව්.කෝදාගොඩ මහතාට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් කණ්ඩායමක් අදාල පාසලේ ගුරුනිවාසය වැටලීමක් සිදුකර ඇත.
සැකකරුවන් සතුව තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් අත් අතඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් කළ ප්‍රස්න කිරීම් අනුව පාසල අසල අයිස්ක්‍රීම් වෙළදාම් කරන මුවාවෙන් පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අලවි කරන පුද්ගලයකු ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු කලක පටන් මෙම පාසල අසල අයිස්ක්‍රීම් වෙළදාම් කරන මුවාවෙන් පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අලවි කරන පුද්ගලයකු වන බවත් මීට ඉහතදීත් පොලිස් අත් අඩංගුවට පත්වූ අයකු බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිස්ක්‍රීම් කියන්නේ කොහොමත් අයිස් තමා. අපි පොඩි කාලේ ඇබ්බැහි වෙලා හිටියේ. ඒත් රුපියලක් හොයා ගත්තේ හරි අමාරුවෙන් ඉස්කෝලේ ඇරිලා අව් කාස්ටකේ පයින් ගෙදර එන අතරේ අයිස් එකක් ගහන්න.