IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගුරු පත්වීම් ගන්න හිස් උණ්ඩ අරන් ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැති බස්නාහිර පළාතේ  ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයට පැමිණි පාසල් ක්‍රීඩා තරඟ විනිසුරුවරියක ගේ අත් බෑගයේ තිබී හිස් උණ්ඩ තුනක් සොයා ගැනීමෙන් පසු එම තැනැත්තිය සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 26 හැවිරිදි වියේ පසු වන තැනැත්තියකි.

ගුරු පත්වීම් ලබා ගැනීම සඳහා අලියගහ මන්දිරය පරිශ්‍රයට පැමිණෙන කාන්තාවන් පරික්ෂා කිරීමේ කටයුතුවල යොදවා සිටි පොලිස් කොස්තාපල්වරියක් මෙම තැනැත්තියගේ අත්බෑගය පරීක්ෂාකර බැලීමේදි මෙම හිස් උණ්ඩ තිබී සොයාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සැකකාරිය පිළියන්දල මධ්‍ය මහා මධ්‍ය මහා විද්‍යාලයේ පැවති පිහිටා උත්සවයක තරග තීරකවරයකු ලෙස කටයුතු කළ අවස්ථාවේ තරඟ ආරම්භ කිරීමට සංඥාව ලබාදීම සඳහා භාවිතා කළ අවියේ උණ්ඩ බිම වැටුණු පසු අවුලාගෙන අත් බෑගයේ දමාගෙන සිට ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යයි පොලීසිය කියයි.

එම ක්‍රීඩා උත්සව සඳහා ආරම්භක සංඥා ලබා දීමට භාවිතා කරන ලද අවිය පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයෙන්නීත්‍යානුකූල ආකාරයට ලබාගෙන ඇති බවද බවද පරීක්ෂණවලින් අනාවරණය විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

මේ සඳහා භාවිතා කරල ද උණ්ඩ මලල ක්‍රීඩා සංගමය විසින් සපයා ඇති බවද පොලිසිය කියයි.

කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (6)

ගුරු පත්වීම් ගන්න හිස් උණ්ඩ අරන් ගිහින්

Eranga Saturday, 17 June 2023 09:42 AM

සිදුවීමෙ අලගිය මුලගිය තැන් ඔක්කෝමත් දැනදැනම ඇයව අත් අඩංගුවට අරගත්තාට මදිවට තව සැකකාරියක් කියලත් කියනවා.. හිස් උණ්ඩ කොපුවලින් අපරාධයක් කරන්න බැරිබව වටහගන්න බැරි තරම් දුර්වල ආරක්ෂක අංශයක්ද මේ රටේ තියෙන්නේ?

:       1       19

Bamunuarachchi Monday, 19 June 2023 02:27 AM

හලෝ අත්අඩංගුවට ගත්තාට පසුවයි මේ විස්තර දැන ගත්තේ කියලයි මට හිතෙන්නේ... හිස් Shell එක උණ්ඩ සැපයූ තැනට දිය යුතුයි කියලා සිතනවා.

:       0       0

කිරිපුතා Saturday, 17 June 2023 09:50 AM

පව් අහිංසක ගුරුතුමිය, ලස්සනට මොනවා හරි කරන්න කියලා බෑග් එකට දාගත්ත ඒ හිස් උණ්ඩ ටික අරන් තියන්න අමතක වෙන්න ඇති.

:       1       12

C.K.Lankaputhra Saturday, 17 June 2023 10:07 AM

රාජ්‍ය නිලධාරීන් වශයෙන් පත්වීම් ලබාදීම සිදුකරන්නේ අරලිය ගහයටද? අම්මපා මේක පුදුම රටක්නේ. ඒ කාලේ පත්වීම් ලබා දුන්නේ අපට ලියුම් බෙදන පියුම් මහත්තයා.. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මොවුන්ට ලැජ්ජාව කියලා දෙයක් නෑ වගෙයි...

:       1       9

චන්දන Saturday, 17 June 2023 02:52 PM

අවංකව සේවය කරන අයට මෙහෙම තමයි සලකන්නේ. ඒ ගුරුවරිය කිසිම වැරැද්දක් කරලා නැහැ. එම හිස් උණ්ඩ ලැබුණු හැටි සියල්ල හෙළි වුණා නම් ඇයි අත්අඩංගුවට ගන්නේ...? මෙවැනි අමන නිලධාරින් නිසා තමයි රාජ්‍ය සේවය විනාශ වෙන්නේ...!

:       1       10

Bamunuarachchi Monday, 19 June 2023 09:24 PM

අත්අඩංගුවට ගත්තාට පසුවයි ඉතිරි හරිය දන්නේ. හිස් කොපු හෝ වෙනත් කොපු එයාගේ බෑග් එකේ තිබෙන කොට ඒවායේ විස්තර කියන්න තරම් තාක්ෂණය තාම දියුණු නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site