
(අංජුල මහික වීරරත්න)
මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වන 2023 වර්ෂයේ සිට වැඩිම අස්වැන්නක් වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ගම්මිරිස් ආනයනය කරනවාදැයි සමහරුන් අසන බව කී අමාත්‍යවරයා ගම්මිරිස් ආනයනය කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද ලෝකයේ හොඳම ගම්මිරිස් ලංකාවේ වැවෙන අතර ගම්මිරිස් ආනයනය කරනවා යන වචනයවත් කියන්න ඉඩ තබන්නේ නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් ආනයනය කරන්නෙත් නෑ කියලා ඔයාගේ යාළුවෙකුත් වහසි බස් දෙඩුවා අපිට මතකයි. මේකත් ඒ වගේම වේවිද?