(අජන්ත කුමාර අගලකඩ)
බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා සවස 6.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.
ඇමති ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදින විවාදයට ගැනීමට නියමිතය.
ඉන්ධන මිල අත්තනෝමතිකව ඉහළ දැමීමට කටයුතු බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.
ආණ්ඩු පක්ෂය විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ලංකාදීපයට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුජන පෙරමුණේ මතය ඉන්ධන මිල වැඩිකිරීම අසාධාරණ එකක් නම් ඔවුන් ගම්මන්පිලට විරුද්ධව, එනම් ජනතාව වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යුතුයි. මෙම දෝෂාභියෝගය ඔවුන් සැබෑ ජනතා නියෝජිතයින්ද යන්න පරීක්ෂාවකට ලක්කරනු ඇත. එදා විපක්ෂයේ සිටියදී ලෝක වෙළඳ පලේ ඉන්ධන මිල වැඩිවෙනකොට ලංකාවේත් මිල ඉහළ යවන්න ලංකාව පාලනය කරන්න ආණ්ඩුවක් මොකටද යන්න කියූ විමල් ගේ ඡන්දය ගැන ජනතාව විමසිල්ලෙන් බලා සිටිය යුතුයි.
ජනතාව ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධ නිසා සැබෑ ජනතා නියෝජිතයින්ද ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව ඡන්දය භාවිතා කළ යුතුයි.