
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ හෙට (04) දින සළකා බැලීමට නියමිතය.
හිටපු කොටි නායකයකු ගොතන ලද කතාවක් මත හිටපු නාවික හමුදාපතිරයා අත්අඩංගුවට ගත් බවට තමන් කළ ප්‍රකාශය ජනවර්ග අතර අසමගියක් ඇති කිරීමේ අරමුණෙන් කළැයි සඳහන් කරමින් තමන් කොයි මොහොතේ හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇතැයි පවසන පෙත්සම්කරු එම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් උදය ගම්මන්පිල මහතා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ උත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.
තරුණයෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 25 වැනිදා තමන් මාධ්‍ය හමුවක් පවත්වා දැනුවත් කිරීමක් කළ බවත් ‘හිටපු කොටි නායකයකු ගොතන ලද ප්‍රකාශයක් මත හිටපු හමුදාපතිරයා අත්අඩංගුවට ගත් බවට කළ ප්‍රකාශයක් පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ දේශපාලන ප්‍රඥප්තිය යටතේ ජනවර්ග අතර අසමගියක් ඇති කිරීමේ අරමුණෙන් තමන් එම ප්‍රකාශය කළ බවට සඳහන් කරමින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව රහස් පොලිසිය බී වාර්තාවක් මඟින් කොටුව මහේත්‍රාත්වරයාට දැනුම් දී ඇතැයි උදය ගම්මන්පිල මහතා අදාළ පෙත්සමේ සඳහන් කර ඇත.
මෙම තත්ත්වය යටතේ කොයි මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පොලිසිය ගොනු කළ වාර්තා පදනම් කරගෙන කිසිදු නියෝගයක් නිකුත් කිරීම වළකාලන අතුරු නියෝගය මහෙස්ත්‍රාත්වරයාට නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කලක් අපි අහලා තිබුනේ මාලුවා නහින්නේ කට හින්දා කියලා විතරයි. මෙදාපාර නම් සමහර බූරුවෝත් නහින්නේ කට හින්දා කියලා ඔප්පු වෙනවා...
අපේ පැරැන්නො ‘ගලේ පහරපු බලල වගේ’ කිව්වේ මේ වගේ උන්නැහෙලාට තමයි.
පොඩ්ඩක් ඇතුළට යවලා ගත්තොත් තමයි හරි යන්නේ...
අපේ ගම් වල උන්දැලා කියන, “සෙල්ලමට ගිය එකාට රෙද්දේ වර්චස් පහවුණා“ කියමන වගේ දෙයක් තමයි මේකාට දැන් වෙලා තියෙන්නේ...
මේ කට වාචාලයා අත්අඩංගුවට ගන්න මෙච්චර පරක්කු වුනේ ඇයි කියලා පොලිසියට වෙනම නඩුවක් දාන්න ඕනෑ.
තුන්වන ලෝකයේ රටක ඕනෑම දෙයක් සිදුවිය හැකිය. ඒ සඳහා සූදානම්ව සිටින්න. නීතියේ ආධිපත්‍යය බිඳෙන සුළුය, එහිදී පාලනය සහ රජය රට පාලනය කරන්නේ කවුරුන්ද හෝ කුමන පක්ෂයද යන්න මත රඳා පවතී. ඕනෑම දෙයක් සිදුවිය හැකිය. එබැවින්, ප්‍රමාද වීමට වඩා පූර්වාරක්ෂාව හොඳය.
ගම්මන්පිල අත් අඩංගුවට ගත්තත් නැතත් ඔහු හෙලිදරව් කරපු කරුණු ඉතා භයානකයි. ඔහු කියන්නේ සාක්කි ගොතා හෝ තමුන්ගේ හිතවත් සාක්කි කාරයෝ දාලා රණ විරුවන් අත් අඩංගුවට ගන්නවා කියලා. ඒ පිළිඹඳව සමාජය සහ පූජ්‍ය පක්ෂය දැනුවත් කිරීමට විරුද්ද පක්ෂයේ දේශපාලකයන් උනන්දු විය යුතුයි. මොකද ඒ අනුව ආණ්ඩුව අපේ හතුරන්ගේ න්‍යාය පත්‍රයකයට අනුව වැඩ කරන බවක් හැඟෙනවා.
කොටියට බලු වැඩ කරන්න දීලා, ඒ බලු වැඩේ එලි කරාමත් හිරේ දානව එහෙනම්. කොහොමත් ලංකාවෙ ගොන් හැත්තට ඕන උනේ හමුදාව 8 පාස් ආමි කාරයාට දාලා, කොටි විමුක්ති හමුදාවක් කියලා කියන්නනේ. ඒවටනේ අරගල කරේ.