
(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සිදුවන බවට රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දී තිබූ බව පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පැවැත් වූ කමිටුවේ වාර්තාවේ සඳහන් වන්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
රවී සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයාය.
ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ එම විමර්ශන වාර්තාවේ කරුණු හෙළිදරව් කිරීම සඳහා අද පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.
ජනාධිපතිවරණයට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව දුන් වාර්තාව සම්බන්ධයෙන් ඔහු මෙම කරුණු ඉදිරිපත් කළේය.
විශ්‍රාමික විනිසුරු එස් අයි.ඉමාම් මහතා එම විමර්ශන කමිටුවේ සභාපතිවරයාය.
සහරාන් ඇතුළු පිරිස කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරමින් සිටින්නේ යැයි විදේශ බුද්ධි අංශයෙන් දැනුම් දී ඇති බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර තිබූ බවද ඔහු වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් බලාගෙන ඉන්නේ නැතිව නඩු දාන්නකෝ... පාර්ලිමේන්තුවේ පොල්ගෑවද මෙච්චරකල්...?
ඕක කවුරුත් දන්න දෙයක් නෑ...
සිරිල් සහ මැල්කම්ට ඕනෑ මේක වවාගෙන කන්න. අමනුස්සයෝ මළ මිනී එක්ක දේශපාලනය කරනවා...!
මේ රටේ මිනිස්සු අමුතුම ජීවීන් කොටසක්. ප්‍රහාරේ මෙහෙයපු මිනිස්සු ඉන්න පක්ෂ වලට ඡන්දෙ දෙනවා.
කරුමෙට , මෙලොවට බිහිවෙච්චි තවත් එක් කෙනෙක්...!
මට හිතෙන විදිහට මේ පාස්කු ප්‍රහාරයට අපි නොහිතන ගොඩදෙනෙක් සම්බන්ධයි. හැමෝටම අවශ්‍ය තොරතුරු හන්ගන්න.
කන්දක් විලි වැද මී පැටියෙක් වදලා...
නියම එකාට නේද එහෙනම් ආරක්ශක ලේකම්කම දීලා තියෙන්නේ.... ඇයි මේවා දැන දැනම රදගුරුතුමා ඇතුළු පල්ලියේ අය මෙයාවම ඕනෑ කියන්නේ. බලාගෙන ගියාම දැනගෙන කියපු නැති අය දැනගන්න ඕනෑ කිව්වාට එයාලාට ඇත්තටම එහෙම දැන ගන්න ඕනකමක් නෑ වගේ. රවී කියන දේශපාලනඥයාව ආරක්ශක ලේකම් කරේ ඇයි?
මුං මේ සිඟිති ආතල් ගන්නවා. ගෝඨාභයගේ පාලන කාලේ අවුරුදු ගාණක් කැමැති වෙලා හිටියා. මීයට පිම්බා වගේ සද්දයක්වත් නෑ. දැන් මොවුන්ට ඕනෑ කොහොමහරි බොරු කියලා ආයි බලයට එන්න. සිංහල ජාත්‍යවාදී අවුස්සලා බොරු බුද්ධාගම ලේබලය ගහගෙන අළු ගසලා දැන් බලයට එන්න හදන්නේ... ඕවාට දැන් මිනිස්සු රැවටෙන්නේ නෑ..!
දැන් එහෙනම් නිර්මල සුපිරිසිදු මාලිමාවේ නායකයා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දූෂිත, අපරාධකාරී නිලධාරියාව මහජන ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් කරයිද? නැත්නම් සුපුරුදු පරිදි වැල් බයිලා ගහලා තමන්ගේ හිතවත් සගයාව ආරක්ෂා කරයිද?
රවී, ඔබතුමා වගකීම් පැහැර හැරලයි තියෙන්නේ. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. ලැජ්ජයි මාලිමාව දැන දැනම මේවගේ අයට ඉහළම තනතුරු දීලා, පිටු අඩුවුණා කියලා මේවා වහන්න හදපු එකට. මාලිමාවට ඡන්දෙ දීපු අපිවත් රැවැට්ටුවා...!
ලවුඩ්ස්පීකර් - බෆල් සද්දේ වැඩියි ආගමික ව්‍යාපාරික ස්ථානවල... මේ දවස්වල කඨින කාලේ නිසා කන්දොස්කිරියාව හැම වෙලාවේම...!
ඒක ඇත්තටම නාට්‍යයක්...
මෙය ඇත්තක් නම් එයින් පැහැදිලි වෙන්නේ රවී සෙනවිරත්න අනුර කුමාර රවටා ඇති බව මිසක් අනුර කුමාර රට රවටා ඇති බව නොවේ. රවී සෙනෙවිරත්නගෙන් ඇත්ත නැත්ත විමසා ක්‍රියා මාර්ග ගැනීම ජනාධිපති තුමාගේ යුතුකම. එයින් ගම්මන්පිල වීරයකු වන්නේ නැති අතර එලෙස වීරයකු වී තම බලය හෝ කිර්තිය අවප්‍රමාණ වේ යැයි හෝ දේශපාලන අවාසි සිදුවේ යැයි චකිතයක් ජනාධිපතිතුමා ඇති කරගත යුතු නැත...
ඔය රහස එළියට දාන්න මහ මැතිවරණයක් එනකම්ම හිටියේ ඇයි? රවි සෙනෙවිරත්න මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය අනාවරණය කරගත්තාට පස්සේ ඊට සම්බන්ධ දූෂිත දේශපාලුවන්ට හිරේයන්න වෙන බව දන්නා නිසා බය ඇති. දූෂිත දේශපාලුවන් කියන බොරු බේගල්වලට රැවටුණු කාලේ දැන් ඉවරයි...
වාර්තාව එළියට දානවා කියලා තප්පුලෑවට වාර්තාවේ පිට කවරයවත් දාලා නැහැ වගේ, මේ වගේ පුස්සෝ රටට සාපයක්. ගම්මංපිල ඔයාගේ ලුණු ගොරකා මදි අනුරව තම්බන්න. රවි සෙනවිරත්න විතරද දැනගෙන හිටියේ, ඔයා දැනගෙන හිටියේ නැද්ද? ඊට අමතරව රනිල්, සජිත්,රංජිත්, සාගල අකිල වගේ අයත් ආණ්ඩුවේ හිටියට දැන හිටියේ නැතුව ඇති. ඒ කවුරු නැතත් හරින්ගේ තාත්තා දැනගෙන හිටිය එකම ඇති මයේ අම්මා...
මලිමාවේ හැව ටික ටික ඇරෙන කොට කාලයත් සමග මිනිස්සු තේරුම්ගනීවී ඔවුනුත් තවත් අපේ රටේ එක්තරා දේශපාලන පක්ෂයක් විතරයි කියලා. නමුත් මේ රවී සෙනවිරත්න බීමතින් රියපදවලා අනතුරක් කිරීම නිසා ඇප මත සිටින අයෙක් බව මුළු සමාජයම දනිත්දිත් ඔව්වා අමාත්‍යාශ ලේකම් වැනි තනතුරකට පත්කිරීම ඉතාම ලැජ්ජා සහගත වැඩක්... අනික අමාත්‍යාශ ලේකම් තනතුර කියන්නේ පොලිස්පතිටත් ඉහළ තනතුරක්. එවැන්නකට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති වරයෙක් පත්කිරීම කොතෙක් සදාචාර සම්පන්නද? කමක් නැහැ ඔහොම යමු.
උගත් මිනිහෙක් වුණත් කරුණු හොයලා බලන්නේ නැතිව මේ වගේ ප්‍රසිද්ධියේ මෝඩයෙක් ලෙස හැසිරෙන එක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයටත් නින්දාවක්..!
සද්ද තිබ්බ හෝ නැතා වැඩක් නෑ. මේ කුරිරු ප්‍රහාරය නිසා සිය ගණනක් ජීවිත අහිමි වුණා. දරුවන්ට දෙමාපියන් ,දෙමාපියන්ට දරූවන් ලබැඳියන් අහිමි වුණා. තවත් පිරිසක් අබ්බගාත වුණා. මේ වාර්තාව එළියට දාන්න කියලා අනුර කුමාරම ප්‍රසිද්ධ වේදිකා උඩදි ප්‍රකාශ කළා. බලයට ඇවිත් මාසයක් වෙද්දීත් ඒක නොකලේ තමන්ගේ මිනිස්සු දෙන්නා රකින්නද කියන ප්‍රශ්නය මිනිස්සුන්ට එනවා. මේ නිසා ප්‍රස්නෙට විසඳුම ලෙස ගම්මන්පිල අල්ල ගන්නවාට වඩා වගකීමෙන් ඇති වුණ අද මේ රජයෙන් පත්කරලා ඉන්න නිලධාරීන් දෙන්නා වහාම ඉවත්කරලා නඩු පවරන්න...
සමහර දේවල් තියෙනවා ඇත්තම වුණත්, කියන කෙනා අනුව එහි වලංගු බවත් අවලංගු වෙනවා.. මේකත් ඒවගේ දෙයක්..
ඒත් අපි මාලිමාවට...!
මේක හැම කෙනාම දැනගෙන හිටියා. හරීන්ගේ තාත්තාත් දැනගෙන හිටියා. නමුත් අවශ්‍ය වේලාවේදී මෙම නිලධාරීන්ට අණ දුන්නේ නෑ. වළක්වා ගන්න. බලය ලබාගන්න නිහඬව හිටියා. අන්න ඒ ඉඩ දුන්නැති අය කවුද කියලා හොයාගෙන අන්න ඔවුන්ටයි දඬුවම් දිය යුත්තේ...!
අරවින්ද මොනරවිල කණ්ණාඩිය ගලවලා බැලුවොත් නේද හොඳ...?
අවුරුදු 5 කටත් වඩා සද්ද නැතිව ඉඳලා ප්‍රකාශ පවත්වන්න ගත්තාම බයවෙන්නෑ ආයේ... යට ගහන්න ඕනෑ නම් රවීව පත්කරගන්නේ නෑ. ගම්මන්පිල දැනටමත් බයවෙලා..
මේ හිච්චි ඇත්ත කතාව කියන්නද මෙච්චර දවසක් තැටමුවේ? ඔය පාස්කු ප්‍රහාරය සිදුවන බව කල් තියාම ඉන්දීය ආරක්ෂක අංශ පවා පැවැති රජයට දැනුම් දී තිබුණු බව වාර්තා වුණා. රටේ ජනාධිපතිවරයා පවා ඒ ගැන දැනුවත් වෙලයි තිබුණේ... එදා හිටපු ආරක්ෂක ලේකම් ජනමාධ්‍ය ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිව්වේ අපි “අපි දැනගෙන හිටියට හිතුවේ නැහැ මෙච්චර ලොකු විපතක් වෙයි කියලා“. හිටපු ඇමැතිවරයෙකුගේ පියා ඔහුට කියලා තිබුණේ එදා පල්ලි යන්න එපා කියලාලු. ඉතින් මේක ඇති අමුත්ත මොකද්ද? මම හිතන්නේ මෙයත් දැන ඉන්න ඇත්තේ. දැන් බොරුවට ජනප්‍රිය වෙන්න මේ ප්‍රශ්නේ අල්ලා ගත්තාට වඩා දෙයක් මෙතැන නැහැ...
ජනාධිපති ලස්සනට වැඩේ කරයි... අපි ටිකක් ඉවසමු.
ඇත්තමයි, මේ දවස් වල මාලිමාවේ අය හැසිරුනේ ඡන්ද කාලේ කියපු කතා ඔක්කෝම අමතක වුණු ගානට. තෙල්මිල අඩු කරන්න බැරි නම් 150කින් අඩු කරන කතා කිව්වේ ඇයි? අන්තිමට සාධාරණ පාස්කු විමර්ශනයක් කරනවා කියලා, හිටපු දූෂිතම නිලධාරීන් ඒකට පත් කරා. ශානි නේද අර රංජන් කියපු විදියට අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කරලා අහු වුණාම වළං හෝදන්නන් කියලා අඬපු එකා...
ගම්මන්පිලයාගේ අරමුණම ආ.ලේ. රවී සෙනෙවිරත්න මහතා මේ ලෙඩේට ඇදලා මාලිමාව අපහසුවට පත්කිරීම. ඡන්ද බලාගෙන කරන මෙවැනි ප්‍රකාශවලට ජනතාව රැවටුණු කාලය ඉවරයි කියලා ගම්මන්පිලට මතක් කරන්නත් අවශ්‍යයි...
ඔය බුද්ධි තොරතුරු රවි සෙනෙවිරත්නට විතරද දැනුම් දීලා තිබුණේ..? ඕක කරපු මහා මොළකාරයා ගැන වාර්තාවේ නැද්ද? ගම්මන්පිල ගෝඨාගේ ආණ්ඩුවේ හිටියේ නැද්ද? පාර්ලිමේන්තුවේ හිටපු කාලේ ඔය විස්තර දැනගෙන හිටියේ නැද්ද? ඔය වාර්තාවේ තියෙන වැදගත් තොරතුරු ටික අරගෙන අපරාධ කරයෝ හොයාගන්න උදව්වක් දෙන්න තරම් හිතක් පහළවෙන්නේ නැද්ද මේ දේශපාලන සරණාගතයට...
දැන් එහෙනම් ඔයා cctv එකක් අරගෙන එයාගේ පස්සෙන්ම ගිහින් මින් ඉදිරියට එයා කරන වැරැදි අපිට පෙන්නන්නකෝ...!
දැන් හරිද?
මෙයාට පිළිතුරු කාදිනල් තුමා හරිම ලස්සනට දුන්නා. ඔය වාර්තා කාදිනල් තුමා දැකලා තියෙනවා. එතුමා කිව්ව මේ වාර්තාවෙන් එතුමා පටලවපු බව, ඒක නිසා මෙතන අලුත් යමක් නැහැ, එහෙම නම් රවි සෙනෙවිරත්න ගානටම කාදිනල් තුමත් මේකට හවුල්, මේක වැඩේ අල කරල එලියට එන පරීක්ෂණ හෑල්ලු කරන්න කරපු වැඩක්.
අයියෝ, අවංක පිරිසිදු මාලිමාව.
රනිල්, කාදිනල් නොයිල්ලපු කමිටුවක් දාලා රවී චූදිතයෙකු කළා, කාදිනල්තුමා ඒක හොඳටම දන්න නිසා ඔය වාර්තාව එතුමා ගණං ගත්තේ නැහැ.. එහෙම එකේ මෙයා මොකක්ද උස්සාගෙන ඇවිත් රනිල් ගෝඨාභයගේ කොන්ත්‍රාත් එකක් කළා...
මෙච්චර කල් තියාගෙන හිටියේ ඕකද? කෝ බන් මහමොළකරු. අපි බලගාගෙන හිටියේ මහමොළකරු කවුද කියලා කියයි කියලා.
මේ ටික ඔක්කෝම එකතුවෙලා ගොඨාභය ගේන්න කරපු කුමන්ත්‍රණ තමයි මේවා... සත්‍ය කියන්නේ රබර් බෝලයක් වගේ දිය යට සඟවා තිබුණද කවදා හෝ එය එළියට එනවාමයි. එතකොට ඔබලාගේ නිරුවත ජනතාව තේරුම් ගනිවී...
සර් ළඟ මම වළං වුණත් හෝදන්නම් කියපු කෙනා අද බුද්ධි අංශ ලොක්කා.. පාස්කු ප්‍රහාරය සම්බන්ධ මොකුත් නොදැන වගේ දැනගෙන හිටපු එකා ඒ ගැන පරීක්ෂණ කරනවා. අනිත් අය ඔක්කෝම වැරැදි... අපි විතරයි හරි කියපු අය කලින් අය ගිය පාරෙම ලස්සනට යනවා.. ඔවුන්ට කඩේ ගිය වහල්ලු තාම ඔවුන්ව සුද්ද කරනවා. වැරැදි දේ කවුරු කළත් වැරැදියි.
මේ ගම්මංපිල කියන්නේම මහා බොරුකාරයෙක් .ඔහු බස්නාහිර පලාත් ජනතාව රවටල මුදල් එකතු කරගෙන පර්ලීමේන්තු ගිහින් මැති ඇමති වරප්‍රසාද වරදාන ගත්ත තවත් එක් වංක දේශපාලුවෙක් කියලයි රටම කියන්නෙ ඉතිං අද අළුත් ආන්ඩුවක් පත්වෙලා තිබෙන මොහොතක ඔවුන්ට පැහැදිළිවම මේ රටේ සෑම පුරවැසියෙකුගේම ප්‍රසාදය ලැබෙමින් පවතින මොහොතක එය කඩා කප්පල් කිරීමට ගන්නා අපූරු උත්සාහයක් ලෙස මෙම ගම්මන්පිල අදෝනාව කිව හැකියි. රජයට වැඩ කර පෙන්වීමට කාලයක් දිය යුතුයි. මිනිසුන් අතර විචිකිච්චාව ඇති කර දේශපාලන වාසි ගන්න කරන ගම්මන්පිල වෑයම පරාජය කල යුතුයි. කිසිදු මොලයක් ඇති එකෙක් මෙම කතා විශ්වාස කරන්නේ නැත.
කොටි ත්‍රස්තවාදය ඉවර කරන කම් ඒක වවාගෙන කෑවා කට්ටිය. දැන් පාස්කු ප්‍රහාරය වවාගෙන කනවා. වෙන නම් දෙයක් නෑ මෙතැන...!
ඉතින් ඔබටත් දැනුම් දීලා නේද තිබුණේ ඡන්දෙ ගන්න උප්පරවැට්ටි මරුවා.
මෙම වාර්තා දෙක සම්පාදනය කළේ හිටපු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් අවස්ථා දෙකකදීය. කෙනෙකුට මෙය පිළිගත නොහැකි නම්, ඔවුන්ට ආරම්භයේදීම පැවසිය යුතුය. කාදිනල්තුමා මුලදී කිසිවක් කීවේ නැත. එම වාර්තා රනිල්ට දෙන විට ඔහු එය ප්‍රකාශ කළේ නැත, එය පළ නොකළේ ඇයි, එය ප්‍රහේලිකාවකි. දැන් රැස්වීම් කීපයකදීම AKD කිව්වා මේක ප්‍රසිද්ධ කරනවා කියලා. කාදිනල්තුමාටත් මේක ප්‍රසිද්ධ කරන්න ඕන වුණා. දැන් අපට ඇති ප්‍රශ්නය නම් ඔවුන් එය පළ කරනවාට අකමැති වීමයි. මේ විකට සංදර්ශනය අහලා මැරුණු ත්‍රස්තවාදීන්ට දැන් හිනා. විශ්වාස කරන්න මේක සියවසේ ලොකුම කුමන්ත්‍රණයක්.
කවුරු කවුරුත් කලබල නොවී හිටියා නම් හොඳයි. රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර තමයි පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මෙහෙයවූයේ. ඒ දෙදෙනාගේ, ඒ දවස් වල ලියැවුණු වාර්තාව බලලා තමයි මොකද වුනේ කියලා දැනගන්න පුළුවන්. කවුරුවත් පනින්නත්, බුද්ධි අංශයේ “පොරවල් වෙන්නත්” දඟලන්න එපා...!
මේක රනිල්ගේ, ගෝඨාභයගේ ලණුවක්, මේ සේරම විස්තර කලින් යූ ටියුබ්වල ගියා, රවි සෙනෙවිරත්නගේ වගකීම පැහැර හැරියා නම් ඇයි අර කෝටි ගණන් දඩ ගෙවපු ලැයිස්තුවේ එතුමාගේ නම නැත්තේ? එතැන රනිල්ගේ නම නැත්තේ මුක්තිය මත නිදොස් කළ නිසා...!
ගම්මන්පිලගේ මේ තර්ජන ගර්ජන අපිට නම් විහිළුවක්. මෙයා ඕස්ට්‍රේලියාවේදී කරපු මහා හොරකමක් නිසා ඕස්ට්‍රේලියාවට යන්න බැරිවෙලා ඉන්නේ. ඔය කියන වාර්තා 2 හැමතැනම තියෙනවා. ඊයේ ගරු කාදිනල්තුමා හොඳ පිළිතුරක් දුන්නා මේ ගැන. රනිල් වික්‍රමසිංහ ගෝඨාභයව ආරක්ෂා කරන්න. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වෙනත් මගක යවා අනාථ කරන්න. ඔහුගේම හෙන්චයියෝ වගයක් ඉන්න කොමිටි දෙකකට මේ වාර්තා හදන්න දීලා ඔවුන්ට දන්වලා තියෙනවා. රවී සෙනෙවිරත්නවයි, තවත් කෙනෙකුවයි මේකට ගාවන්න කියලා. ගම්මන්පිලවයි, රනිල් වික්‍රමසිංහ කියන පාවාදෙන්නාවයි, ගෝටා කියන බයගුල්ලාවයි වහාම අත්අඩංගුවට අරගෙන මේ ගැන විමර්ශන පටන්ගන්න, හොඳ හොඳ කතන්දර වමාරයි....
රවී සෙනවිරත්න මාලිමාවට සහය දෙන නිසා රවිගේ නම ගාවලා මඩ ගහන්න රනිල් කඩිමුඩියේ හදපු වාර්තා. ගම්මන්පිල පවු.
දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් මේ කල මිනිස් ඝාතනයේ මහමොලකරුවන් හෙළිදරව් වේ යයි සිතා තප්පුලන අධර්මිෂ්ඨයාගේ කටට නම් හොඳක් වෙන්නේ නැහැ.. පහුගිය කාලෙත් මොවුන් කලේ නිසි විමර්ශන නිලධාරීන්ට අසත්‍ය චෝදනා නගමින් ඔවුන්ව විමර්ශන වලින් ඉවත් කිරීමට කටයුතු කිරීමයි...
තමුන් බැංකු වලට තියපු පොලුත් කියමු ද?