(අංජුල මහික වීරරත්න)

විදුලි අලිවැට ඉදි කරනවාට ගම්වැසියන් විරුද්ධ වීම නිසා වන අලි ගම්වැදීම නැවැත්වීම සඳහා 2022 වසරේ ඉදි කිරීමට නියමිතව තිබූ විදුලි වැට 26ක වැඩ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

විදුලි වැට ව්‍යාපෘති ඉදි කිරීම් කටයුතුවල ප්‍රගතිය සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීමක දී එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.

මෙම විදුලි වැට ව්‍යාපෘති 26 යටතේ ආවරණය කෙරෙන සමස්ත දුර  කිලෝමීටර් 315කි.

වන අලි- මිනිස් ගැටුම් උග්‍රව පවතින  හම්බන්තොට, රත්නපුර, ත්‍රිකුණාමලය, මොණරාගල, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල මුලින් වැඩ ඉදිකිරීම් ඉහත හේතුව නිසා නතර වී තිබෙන බව මාත්‍යංශය පවසයි.