(යොහාන් භාසුර)
ලංගම ඩිපෝ ආසන්නයේ නොමැති ගම්බද ප්‍රදේශවල බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් ලබාදිය යුතු බවත් ගම්බද ප්‍රදේශවල බස් රථ ධාවය නොවීමෙන් දරුවන් අපහසුතාවට පත්වුවහොත් එහි වගකීම ‘සිපෙට්කෝ’ ආයතනය භාරගත යුතු බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය.
දකුණු පළාතේ හක්මන, දෙණියාය, දික්වැල්ල, මිද්දෙණිය, බෙලිඅත්ත, හම්බන්තොට, සූරියවැව සහ තිස්සමාහාරාම යන ප්‍රදේශ ආසන්නයේ ලංගම ඩිපෝ නොමැති නිසා ඉන්ධන පිරවුම්හල් කීපයක් නම් කර කිව්.ආර්. කේතයේ ඉන්ධන සීමාව වැඩි කර ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද ‘සිපෙට්කෝ’ ආයතනය එය මඟහැරි බව කී ගැමුණු විජේරත්න මහතා හක්මන ඩිපෝවක් නොමැති නිසා ඩීපෝලට යෑමට කිලෝමීටර 27 ක් දුර යා යුතු අතර අම්පාර දිස්ත්‍රික්කයේ මාඔය ප්‍රදේශයේ බස් රථවලට ඩීසල් ලබාගැනීමට කිලෝමීටර 40 ක් යායුතු බවත්ය.
පෞද්ගලික බස් රථ ධාවනය සියයට 90 ක් හෙවත් බස් රථ 12,000 ක් හෙට දිනයේ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් පසුව බස් රථ 15,000 ත් 16,000 ත් අතර ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් ගැමුණු විජේරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd