
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලුම පක්ෂ වල නියෝජිතයන් ඒ ඒ ආසන මට්ටමින් මෙම ඒකාබද්ධ කමිටුවට ඇතුළත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ගෙන් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම සහ ආසන මට්ටමින් සංවිධාන කටයුතු කිරීම සහ මෙහෙයවීම මෙම ආසන ඒකාබද්ධ කමිටු වලට පැවරේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජවර්ධන මහත්වරු ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වල දිස්ත්‍රික් නායකයෝ සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ කාලයක් නයි මුගටි දේශපාලනයේ නිරත වූ අය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතු වීම රටේ අනාගතය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම්කාරයන්ට, හොර දූෂිතයින්ට රනිල් ඉන්න තරමට හොඳා...!
විවිධ වූ දේශපාලන මතිමතාන්තර සහිත දූෂිත දේශපාලඥයින් තමන්ගේ වැරැදි වසාගෙන නැවතත් බලයට පැමිණීමේ පටු අදහසින් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගත හැකි දූෂිත දේශපාලනඥයෙක් වටාම එකතුවීම රටේ අවාසනාවකි. නමුත් ජනතාව මෙවර නිවැරැදි තීන්දුවක් ලබා දෙනු ඇත...
මූණවල් ටික දැක්කාම පේනවා නන්නත්තාර වෙලා ඉන්නේ කියලා...!
කප්පම් කරුවන් ඉන්නවා, හොරු ඉන්නවා, කොමිස් කාරයෝ ඉන්නවා, පැණි බෙහෙත් කාරයෝ ඉන්නවා. මිනිස්සු මෙයාලාට ඡන්දෙ දෙයිද? දෙනවා නම් ඒ බත් කන හරක් තමයි.
ගම්පහින් රනිල් දිනවන්න කොමිස් කාරයෝ, පගා කාරයෝ සුළුතරයක් ඇති, ඒත් අමතක කරන්න එපා එයාව පරද්දන්නත් විශාල පිරිසක් ගම්පහින් බලා ඉන්න බව...!
කප්පම්කාරයෝ දැන් එකම වහලක් යටින්...!
රනිල්ට ගම්පහින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවෙනවා...
සුපිරි සෙට් එක... මොවුන්ට ඡන්දෙ දෙන අය... අනේ මන්දා මේ රටේ අය...!
මොන ගැටේ හරි ගහලා හරි රනිල් තමයි එන්නේ... මිනිස්සුන්ගේ අවාසනාව.!
මේ අය රට කියන්නේ තම පවුල කියන එකයි. ගමට එන්න නම් බෑ.
වරෙල්ලා ගෙයින් ගෙට.. එක ගේකට දෙකකට විතරයි යන්න දෙන්නේ.. එතැනින් එහාට පණ බේරාගෙන දිවිල්ලක් තියෙන්නේ...!
කැට තියල කියන්නම් දේශපාලනයේ තියෙන උපරිම තුරුම්පු ගහල අනිවාර්යෙන් සුත්තරපුංචා ගොඩ යනවා
අමුතුවෙන් කමිටු ඕනා නෑ. ජනතාව රනිල් පත් කරන්න තීරණය කරලා ඉවරයි. ජනතාව කැමති නෑ කයිවාරු කාරයන්ට, බෙල්ල කපලා වටේ ගහලා යන අයට කතිරේ ගහලා නිකන් මැරුම් කන්න. ජනතාව දකිනවා බංගලිදේශේ දැන් සිද්ද වෙන දේ. ඒ තත්වෙට යන්න, ඉල්ලගෙන කන්න ජනතාව කැමති නෑ.
මේකා රනිල්ගේ කෙනෙක් හදලා තියෙන්නේ... එයට විරුද්ධ ප්‍රතිචාර වලට ලයික් දානකොට අන්ලයික් ඉබේටම වැටෙනවා. හැම ආයතනයකම කඩේ යන අය ඉන්නවා... කාලකණ්ණි..
හොරෙන්ම ජනතාව අතරට කෙසේවෙතත් අපේ ගමේ කණු දෙක තුනකට ඉඳලා හිටලා රාත්‍රි කාලයේ එනවා... එළිපිට ගමට එන්න බැහැ. තව හාල් පොල් රත්තරන් බේස්ලට් වැහි පීලි ගොඩක් දුන්නොත් ජහමනයා තීරණය කරාවි...!