(ඉන්දික රාමනායක)
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු ටී 56 ගිනි අවිය හා රිවෝල්වරයක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙනිය ප්‍රදේශයේ පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙකු සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි.
දැනට ඩුබායි රටේ සැඟව සිටින කෙහෙල්බද්දර පත්මේ සහ ඔහුගේ ගෝලයකු වන අවිශ්ක නැමැත්තන් විසින් මෙම ඝාතන සැලසුම සංවිධානය කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය සැලසුම සඳහා යොදා ගෙන තිබූ සුඛෝපභෝගී රථයක් ගම්පහ නගරයේ පුද්ගලික රෝහලක රථ ගාලක නවතා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
කෙහෙල්බද්දර පද්මේ ට ගම්පහ නගරයේ බලය ඇල්ලීම සඳහා බාධාවක්ව පවතින ඔස්මන් නමැත්තා ඝාතන කිරිමෙ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරුකට අනුව මෙම තොරතුරු හෙළි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්මන් කියන්නේ බබෙක් නොවේ...
ඔස්මන් බබා.
වර්තමානයේ ගම්පහ කිව්වහම ප්‍රසිද්ද, "උසාවියෙන් දඬුවම් ලද, ලයිසන් ඇති ප්‍රසිද්ද කප්පම් කාරයෙක්" ඉන්න දිස්ත්‍රික්කයක් හැටියට. මේ සිද්දියේ කොනකත් කප්පම් කියන දෙය ගෑවිලා ඇති....