
(තිලකරත්න දිසානායක)
ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ අනුව මෙතෙක් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පැවති මෙම ආයතනය , ජාතික විශ්ව විද්‍යාලය බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ උපදෙස් පරිදි අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපතිනී , ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනයේ නිසි බලධාරීනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ 16 වෙනි ජාතික විශ්වවිද්‍යාලය වන මෙය "ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය" වශයෙන් නම් කර ඇත. මෙය උප කුලපතිවරයෙකුගේ පාලනයකින් සහ පීඨ හතරකින් සමන්විත වනු ඇත.
දේශීය වෛද්‍ය විද්‍යා පීඨය , දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨය, දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ අධ්‍යාපන විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨය වශයෙන් පීඨ සතරක් ඇති බව සදහන් කළ මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය, මෙම විශ්ව විද්‍යාලය ලබන වසරේ මාර්තු 1 වෙනි දින නිල වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවද ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් නියම වැඩක්...
අප විස්වාස කරනවා මෙය හොද තීරණයක් ලෙස.. ඔන්න තවත් අවස්ථාවක් "අන්තරේ ඉන්න මෝඩ ගොන් කලවැද්දන් රැලට" දියව් දියව් කියමින් මහජන දේපොළ විනාශ කිරීමට ස්ථානයක්.. හුරේ.... "සුදුකුමාර නොහොත් අලකුමාර" ප්‍රමුක රතුහැට්ටකාරයන්ට ජය වේවා...!!!
මෙවර අමාත්‍ය මණ්ඩල පත්කිරීමේදී ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලයය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත්කර තිබුනේ ඇයි කියා පැහැදිලි නැහැ. උසස් පෙළ විභාගය සමත් සිසුන් දුර බැහැර යාමට ඇති අපහසුතා නිසා මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මෙවර සිදුකළ දෙයින් ඔවුන්ට ගැටළුවක් වේදැයි සිතෙනවා. දන්නා කෙනෙක් පහදා දෙන්න.
දුම් මුට්ටි අල්ලන්න හරියට කියා දෙන්න පුළුවන්.
ඉතා හොඳ අගය කළ යුතු වැඩක්...