(අංජුල මහික වීරරත්න)
සංවර්ධන ව්‍යාපෘති සකස් කළ යුත්තේ නිලධාරීන්ගේ හිතුමනාපයට නොව පොදු මහජන අවශ්‍යතා සලකා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
දිස්ත්‍රික්කයේ සියලුම ආසන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සාධාරණයක් ඉටුවන අයුරින් එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා කීය.
ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතින බව කී අමාත්‍යවරයා කුමන බලපෑම් පැමිණියත් ඊට නතු නොවී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්සාගේ ගෙදරත් චෙක් කළාද? මර්වින් සිල්වාගේ ගෙවල් පැත්තත් නිකමට බලන්න... නිකන් ගොන් පාර්ට් දාලා හිත රවට්ට ගන්න එපා ඇමැතිතුමා..!
කප්පම්කරුවන් කියන කතා...
එහමම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න මහා කප්පම්කාරයවත් කොටු කරන්න මෙහෙයුමක් කළා නම් හොඳයි.
අර කප්පම් නඩුවටටත් කිසිම බලපෑමක් නැතුව ඇති නේ!!!!