(ඩයනා උදයංගනී)
ගම්පහ දිස්ත්‍රික්කයේ මෙතෙක් ප්‍රතිකාර සඳහා යොමු නොකෙරුණු කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පියවර ගෙන ඇතැයි එම කමිටු ප්‍රධානී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉකුත් සතියේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් 12555ක් වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 7003ක් මෙතෙක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර නැති බව කොවිඩ් කමිටුවේදී අනාවරණය විය.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල, යුද හමුදාවේ සහ පළාත් පාලන ආයතන වල සහාය ලබාගෙන මෙම ආසාදිතයින් පළමුව වැරැල්ලවත්ත, සීදූව, බියගම හා වතුපිටිවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකරන බව ඇමතිවරයා සඳහන් කළේය.
අනතුරුව ඔවුන්ගේ රෝගී තත්තවයන් නිරීක්ෂණය කර නිවෙස් ප්‍රතිකාර කල හැකි පිරිස්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කල යුතු පිරිස්, රෝහල්ගතව ප්‍රතිකාර කලයුතු පිරිස් ආදී ලෙස ප්‍රතිකාර කළ යුතු ආකාරය නිර්ණය කර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රසන්න රණතුංග මහතා කීවේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් හතලිස් දහසක් පමණ තවමත් කොරෝනා මර්දන එන්නත ලබාගෙන නොමැති බැවින් ඉතිරි සතිය තුළ ඔවුන් සියලු දෙනාටම එන්නත ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව සංචාරකයින් ගෙනත් ලෝකයේ ඉතිරි භයානක වෛරස් ප්‍රභේද ටිකත් ගෙනත් දුන්නා නම් හරි...
පුදුමේ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ලොකුම තක්කඩියට තවම කොරෝනා වැලඳුනේ නැති එකනේ? කටුනායක ගුවන් තොටුපලේ පීසී ආර් යන්ත්‍රය ප්‍රයෝජනයට නොගෙන, හෝටල් නිරෝධායනයට ගුවන් මගීන්ව යොමුකොට මුදල් ගසා කන ඒ මහා හොර තක්කඩියා ගැන අපි නම් දැනුවත්, එත්, කොරෝනා, නුඹ තවම ඒ තක්කඩියාව තවමත් හඳුනා නොගත්තේ මන්ද?
අනේ මන්දා මොනවා වෙනවද මේ
ජනතාව දන්නවා ලෙඩේට මොකක්ද කරන්න ඕනේ කියලා.., ආණ්ඩුව කොරෝනා බිල්ලෙක් මවලා මිනිසුන් කුදලන් ගිහිල්ලා වෙන වෙන තැන්වලට දානවා... අපිට පේන්නේ කොරෝනා ජනතාවට ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුව තමයි බිල්ලෝ මවන්නේ... ස්තුතියි..