
( තිලකරත්න දිසානායක.)
ගම්පහ තම්මිට ප්‍රදේශයේ දී සහ ජාඇල මාකේවිට ප්‍රදේශවල දී අද රාත්‍රී කාලයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තම්මිට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බව ගම්පහ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් එම පුද්ගලයාගේ අතකට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇත.
තුවාලකරු උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර ජාඇල මාකේවිට ප්‍රදේශයේ දී තවත් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. ජාඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd